Home Tech News මිලියනයකටත් වඩා Download කල බොරු Whatsapp
Tech News

මිලියනයකටත් වඩා Download කල බොරු Whatsapp

Share
blank
Share

Google play store එකේ තිබුන දුර්වලතාවයක් පාවිච්චි කරල Whatsapp වලට සමානව හදපු App එකක් මිලියනයකටත් වඩා දෙනෙක් Download කරගෙන කියල වාර්තා වෙනව. Update Whatsapp Messenger කියල නම් කරල තියෙන මේ App එක පෙනුමෙන් ඇත්ත Whatsapp එක වගේම හදල තියෙනව. ඒ වගේම මේකෙ Developer විදිහට පෙන්නන්නෙ Whatsapp inc කියන ඇත්ත නමමයි. මේ නිසා හැම දෙනාම මේක ඇත්ත App එකක් කියල විස්වාස කරන එක පුදුමයක් නෙමෙයි.

මේ විදිහට ඇත්ත Developer name එක ගන්න මේ Fake app එක හදපු කෙනා Whatsapp inc නමට පස්සෙ Unicode වලින් හිස්තැනක් (space) එකක් පාවිච්චි කරල තියෙන බව තමයි දැනගන්න ලැබෙන්නෙ. මේ හිස් තැන නම කියවන කෙනෙකුට ලොකු වෙනසක් කියල පේන්නෙ නැහැ.

මේ App එක ප්‍රධානවම Chat කරන්න හදල තිබුනට මේකෙන් Userට වෙළද දැන්වීම් පෙන්වල ඒ හරහා Virus / malware downlaod කරන්න මග පාදන විදිහට හදල තියෙනව.
මේ ගැන දැනගත්ත වහාම මේක play store එකෙන් අයින් කරන්න Google සමාගම කටයුතු කරල තියෙනව. හැබැයි මේකෙන් පේන දේ තමයි අපට Play store එකේ තියෙන App download කරද්දි ඒ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න වෙනව කියන එකයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...