Home Tech News Google Search සඳහා Dark Mode
Tech Newswebsites

Google Search සඳහා Dark Mode

Share
blank
Share

කාලෙක ඉඳන් Users ල ඉල්ලපු feature එකක් වෙන Google Home page එකේ නැතිනම් Search Page එකේ Dark mode එක මේ වෙද්දි Google ආයතනය Alpha සහ Beta මට්ටම්වලින් කරගෙන යනව කියලයි ආරංචි වෙන්නෙ. සමහර users ලට මේ වෙද්දි මේක එයාලගෙ Search page එකේ දකින්න පුලුවන් වෙනව.

මීට කලින් මෙහෙම Google ආයතනය Desktop search page එක සඳහා Dark Mode එක Test කරත් ඒක ටික දවසකින් නවත්තල දැම්ම, නමුත් මේ සැරේ Testing, Users ල ගොඩක් දෙනෙක් යොදාගෙන කරන බවක් තමයි පේන්නෙ. ඒ හින්ද ලඟදිම Google ආයතනය public release එකක් කරයි කියල විශ්වාස කරන්න පුළුවන්. Google android mobile search සඳහා දැනටමත් dark mode එක හඳුන්වාදීලයි තියෙන්නෙ.

Google ආයතනය පසුගිය කාලය පුරාම ඔවුන්ගෙ විවිධ service වලට Dark mode හඳුන්වා දෙනු ලැබුවා. Google Play Store, Google Translate සහ Google Chrome ඒවගෙන් කීපයක්. ඊලඟට Dark mode හඳුන්වාදෙන එයාලගෙ ලොකුම service එක Google search වෙන්න පුළුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...