Press ESC to close

Google විසින් Android 12 Go සංස්කරණය නිවේදනය කරයි

මීට දින කිහිපයට කලින් Google ආයතනය විසින් අලුත් Android 12 වල Go සංස්කරණය නිවේදනය කරා. මේ Android Go සංස්කරණ සංවර්ධනය කරල තියෙන්නෙ මිලෙන් අඩු, ලොකු hardware power එකක් නැති low-end දුරකථන වල වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙන්නයි. මේ වෙනකොට ලෝකයේ Android Go සංස්කරණයෙන් බල ගැන්වෙන දුරකථන මිලියන 200ක් පමණ තියනව කියල Google ආයතනය ප්‍රකාශ කරල තියනවා. අලුතෙන් හඳුන්වාදෙන්න සූදානම් වෙන Android 12 Go සංස්කරණයත් වඩාත් වේගවත්, බුද්ධිමත් සහ පෞද්ගලිකත්වයට හිතකර අත්දැකීමක් ගෙන එයි කියල Google බලාපොරොත්තු වෙනවා.

Android 12 Go සංකරණය සහිත දුරකථන වලට, කලින් Android Go සංස්කරණය සහිත දුරකථන වලට වඩා 30% ක වේගයකින් Apps open කරන්න පුලුවන්. ඒ වගේම දුරකථනයේ animations පවා තවත් smooth වේවී. මේ අලුත් සංස්කරණයේ ඇති තවත් විශේෂත්වයක් තමයි විශාල කාලයක් පාවිච්චි කරපු නැති apps, hibernate තත්වයකට පත් කිරීම. මෙමගින් දුරකථනයේ බැටරි ආයු කාලය වගේම මතකයත් ඉතිරි කිරීමකට ලක් වෙනවා. අලුත් වුන “Files” app එකේදි ඔයාට delete කරපු file එකක් දින 30ක් යනතෙක් recover කරන්න අවස්ථාව ලබා දෙනවා. මේක හොඳ පහසුකමක් storage එක අඩු දුරකථනවල ඒ storage එක වඩාත් කාර්‍යක්ෂමව පාවිච්චි කරන්න.

Get Your Site Up with A2 Hosting

Android 12 Go සංස්කරණයේ “Recent Apps” screen එකෙන් option එකක් ලබාදීල තියනවා කෙලින්ම ප්‍රවෘත්තිවලට සවන් දෙන්න සහ screen එකේ තියන ඕනම content එකක් තමන් කැමති භාශාවකට පරිවර්තනය කරන්නත්. මේ වගේ ප්‍රයෝජනවත් පහසුකමක් Go සංස්කරණයට විතරක් ලබාදීල තියෙන්නෙ ඇයි කියලනම් ප්‍රශ්නයක්. ඒ වගේම Nearby Share සහ Google Play භාවිතයෙන් apps සහ වෙනත් files දුරකථන අතර share කරගැනීම වඩාත් පහසු කරල තියනවා. එහෙම files share කරගනිද්දි Android 12 Go සංස්කරණයේ අවශ්‍යනම් “guest profile” එකක් සාදගන්නත් පහසුකම තියනවා. අවශ්‍ය දේවල් share කරගත්තට පස්සෙ ඒ guest profile එක reset කරන්නත් පුලුවන්.

Android 12 වල හඳුන්වලා දුන්න “Privacy dashboard” එක මේ Go සංස්කරණයෙත් දකින්න පුලුවන්. මෙමගින් ඔබගෙ සංවේදී දත්ත වලට ප්‍රවේශය තියෙන apps වල snapshot එකක් පෙන්වනවා. ඒ වගේම මොකක් හරි app එකක් දුරකථනයේ mic එක හරි camera එක හරි භාවිතා කරනවනම් ඒක status bar එකේ පෙන්වන indicator එකත් මේ අලුත් Go සංකරණයේ ඇතුලත්. ඒ වගේම Android 12 වල හරිම location එක වෙනුවට ආසන්න ප්‍රදේශයක තොරතුරු app එකට ලබාදෙන පහසුකමත් මේ Go සංස්කරණයට හඳුන්වා දෙනවා. Android 12 Go ඇතුලත්ව එන දුරකථන 2022 සිට නිකුත් වෙන්න නියමිතයි.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Comments (3)

Leave a Reply to Thevin Wakista Cancel reply

Your email address will not be published. Required fields are marked *