Contact Information

WhatsApp Us

හොරෙන් බලන webcam වහමු

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

දුරින් ඉන්න සමීපතමයන්, යහළුවන් පවුලේ සාමාජිකයන් එක්ක මූණ බලල කතා කරන්න පාවිච්චි කරන webcam එකම ඔබට නොදැනි හොරෙන් ඔබ දිහා බලන්න පාවිච්චි කරනව කිව්වොත්? ඔව් internet එකේ පොඩ්ඩක් search කරල බැලුවොත් මේ විදිහට අනුන් දිහා හොරෙන් බලන් ඉන්න වෙනම forums, groups ඕනතරම් හොයාගන්න පුලුවන් වේවි.

සාමානයෙන් webcam එකක් ක්‍රියාත්මක වෙනකොට ඒ බව පෙන්වන්න indicator LED එකක් පත්තුවෙනව. නමුත් මේ indicator එක පවා off කරල webcam එක on කරල ඒ හරහා පේන දේවල් record කරන්න තරම් සූක්ෂම ක්‍රම මේ hackersල පාවිච්චි කරනව. අපි නොදන්න වෙලාවක මේ වගේ දෙයක් වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙන නිසා, මේ වගේ දෙයක් වෙන්නෙ කොහොමද කියල දැනගමු.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

webcam එකක් හැක් කරන්න නම් ඒ සදහා ඉස්සෙල්ලම කරන්න ඕන අදාල computer එක hijack කරගන්න එකයි. ඒ කියන්නෙ hacker කෙනෙක් ඔයාගෙ computer එකේ යම්කිසි දුර්වලතාවයක් හරහා එයට ඇතුල්වෙලා computer එකේ වෙනස්කම් කරන්න සහ පාලනය කරන්න අවස්තාව ලබා ගන්න එකයි.
මේ දුර්වලතා වෙන්නෙ

  • පරණ software, outdated web browser භාවිතය
  • අනුමාන කරන්න පහසු password පාවිච්චි කිරීම (නමයි උපන්දිනෙයි එකතුව, උපන් අවුරුද්ද, නමේ කොටසක්, එක ලග අංක හෝ අකුරු)
  • දුර්වලතා සහිත software භාවිතය (flash player වැනි)

අද වෙනකොට පැය 24ම online තියෙන අපේ smart phones, laptops, desktops මේ hackersකට පහසු ගොදුරු වෙන්න පුලුවන් . ඉතින් මේ වගේ දුර්වලතාවයක් හරහා computer එකට access උනාට පස්සෙ එතනින් webcam එක control කරන්න බොහොම ලේසියෙන් පුලුවන්. බොහෝවිට මොවුන් කරන්නෙ අපිට නොදැනෙන්න webcam එක control කරන software එකක් install කරල එතනින් ඉවත් වෙන එකයි. මේ නිසාම සමහර laptop නිෂ්පාදකයන් තමන්ගේ laptop webcam වලට sliding lock එකක් ඇතුලත් කරනව. Amazon, eBay එකෙන් බොහොම සුලු මුදලකට මේව ගන්නත් පුලුවන්.

ඒ නිසා, දෙයක් වෙන්න කලින් ආරක්ෂාවීම කොහොමත් ඇගට ගුණ නිසා පහත කරුණු ගැනත් අවධානය යොමු කරන්න

  • laptop එක පාවිච්චි කරන්නෙ නැති වෙලාවට flap එක වහල තියන්න
  • හැම වෙලේම පාවිච්චි කරන software up-to-date තියාගන්න. විශෙෂයෙන්ම web browser,Adobe flash සහ ඒ හා සම්බන්ධ plugins
  • computer firewall එක ක්‍රියාත්මක වෙනවද කියල බලන්න
  • මාසයකට සැරයක්වත් malware scan එකක් කරන්න. (bitdefender)
  • විශ්වාසවන්ත නොවෙන email links ක්ලික් කරන්න එපා.
  • ඉහත හැමදේටත් වඩා ඉතාම විශ්වාසදායක ක්‍රමය වෙන්නෙ පාවිච්චි නොකරන වෙලාවට webcam එකයි mic එකයි පොඩි sticker කෑල්ලකින් වහල දාන එකයි.
Share:

7 Comments

  • shamali, February 7, 2017 @ 8:00 pm Reply

    thank u

  • කණිෂ්ක, February 10, 2017 @ 7:49 am Reply

    මමත් දැකල තියෙනව web cam එකට slider දාල තියෙන laptop. මම හිතුවෙ on off කරන්න කියල. නියමයි ඇඩ්මින්

    • Geetha Kumari, January 20, 2022 @ 9:48 pm Reply

      Ow eekak math gaththa. Niyamai.. Rs 40 /- wunee

  • Tiffi, November 8, 2021 @ 10:25 am Reply

    Mobile phones walata meka balapaamak ndd..

  • Induwara Gagulal, January 24, 2022 @ 3:38 pm Reply

    Web browser eke camera access off kahama th puluwan da ?

  • Chamika Jayaweera, January 29, 2022 @ 11:42 pm Reply

    External web cam ena laptops wala features list ekata ehenam dan mekath add wenawa 😏

  • ewan online, May 10, 2022 @ 8:25 am Reply

    mobile phone camara hack karannath puluwanda ?

Leave a Reply to Tiffi Cancel reply

Your email address will not be published. Required fields are marked *