Press ESC to close

Gigabyte B250 HD3 Unboxing

ඔන්න අද ඉදන් අපේ Computer parts unboxings අපි පටන් ගන්නව. මේ වෙනකම් කරපු unboxings වලට ලැබුන ප්‍රතිචාර එක්ක වඩාත් හොද in depth unboxings ගේන්න අපි සූදානම්.  අද අපි unbox කරන්නෙ Gigabyte B250 HD3 motherboard එක. මේ board එකේ unboxing එකක් වගේම features ගැනත් අපි බලමු.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting
  • box එකේ තියෙන්නෙ
  • Gigabyte B250 HD3 motherboard එකයි
  • back I/O panel එකයි
  • SATA cable 2ක්
  • manual එක සහ Driver Software DVD එකයි.

මැනුවල් එක ගැන විශේෂයෙන් කියන්න ඕන මොකද මේකෙ casing front panel connectors ගැන විස්තර කරල නැහැ. Full manual එක download කරගන්න QR code එකක් තමයි දීල තියෙන්නෙ. ඒ නිසා QR code reader එකක් එක්ක smart phone එකක් ලෑස්ති කරල තියාගන්න වෙනව.

Features

Gigabyte B250 HD3 කියන්නෙ Full ATX motherboard එකක් (12.0″ x 8.9″). ඒ නිසා board එකේ components/ports අතර හොද පරතරයක් තියෙනව වගේම Full casing එකක් ඕන වෙනව. intel LGA 1151 socket එකත් එක්ක එන මේ board එක intel 6th සහ 7th generation processor වලට ගැලපෙනව. මේකෙ features ගත්තොත්

  • LGA 1151 socket එක – Core i7 / i5 / i3 / Pentium / Celeron (LGA1151)
  • intel B250 chipset එක
  • intel HD graphics support – 1xDVI port 1x VGA port 1x HDMI port
  • 6 USB – motherboard connectors වලින් තව USB 4ක් front panel එකට ගන්න පුලුවන්
  • 4 RAM slots  – DDR 4 – 2133 MHz / 2400 MHz
  • 2 PCI e slots – AMD cross fire පාවිච්චි කරන්න පුලුවන්
  • 2 PCI 1 slots – expansiion සදහා
  • 2 PCI slots – Audio / TV / capture card සදහා
  • 8 SATA 6Gb ports
  • 1 SATA express port
  • 1 M2 SSD port
  • Realtek ALC892 Audio – 2/4/5.1/7.1-channel

මේ වගේ features ගොඩක් වගේම Gigabyteලගෙ Smart Fan 5, Anti sulfur resistor coating, LED audio noise guardත් මේකෙ තියෙනව. mother board එක ගැන අපේ unboxing video එකත් බලන්න අමතක කරන්න එපා.

මිල

දැනට රු 15500ක් වගේ මිලකට ගන්න තියෙන මේ motherboard එක තමන්ගෙ computer එක කාලයක් පාවිච්චි කරන ගමන් upgrade කරන්න හිතන කෙනෙකුට හොද තේරීමක් වෙනව. මේක දැනට දෙහිවල nanotek ලගෙන් අවුරුදු 3ක warranty එකක් එක්ක ගන්න පුලුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

Leave a Reply to sam boy Cancel reply

Your email address will not be published. Required fields are marked *