Home Tech News YouTube Create – Video Editing App එක
Tech News

YouTube Create – Video Editing App එක

Share
blank
Share

YouTube කියන්නෙ අපි හැමෝම දන්න ලෝකෙ තියෙන අංක එකේ Social Media Platform එකක්. ඉතින් මේ YouTube එකේ Video බලන්න අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම අපිට බලන්න Videos හදන්නත් සුලු පිරිසික් YouTube එකත් එක්ක එකතු වෙලා තියෙනවා.

අපි බැලුවොත් එහෙම Youtube Videos බලන අයට Youtube එකේන් Mobile Apps ගොඩක් හදුන්වල දීලා තියෙනවා. සාමාන්‍ය විදියට Videos බලන්න Youtube App එක, ඒ වගේම සින්දු අහන අයට Youtube Music, පොඩි ළමයින්ට Youtube Kids වගේ Apps හදුන්වල දීලා තියෙනවා.

ඉතින් මේ Youtube ආයතනයෙන් අපි ඕනෑම කෙනෙක්ට නොමිලේම Content Creator කෙනෙක් එහෙමත් නැත්නම් Youtube වීඩියෝ නිර්මාණකරුවෙක් වෙන්න අවස්ථාව සලසල තියෙනවා.

මේ විදියට Youtube නිර්මාණය කරුවන්ට වටිනම App එකක් තමයි Youtube studio කියන්නෙ. මේ App එකෙන් තමන්ගෙ Videos වල තත්ත්වය වගේ දෙවල් සහ Channel එක පාලනය කරන්න පුළුවන්.

ඉතින් මේ Youtube ආයතනයෙන් මේ Youtube Creators ලට හදුන්වල දීපු අලුත්ම App එක තමයි Youtube Create එහෙමත් නැත්නම් YT Create කියන්නෙ. අපිට මේ App එක පාවිච්චි කරල අපේ Videos ලේසියෙන්ම Edit කරගන්න පුළුවන් වෙනවා. අනිත් Video Editing App වල වගේම මේ App එකෙත් Video Transitions, Text, Effects, Stickers වගේම Auto Captions වගේ තවත් වටින දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්.

ඉතින් මේකෙ තවත් විශේෂ දෙයක් වෙන්නෙ අපි App එකට Log වෙද්දී අපේ Channel එකෙන්ම Log වෙන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මේ App එකෙන්ම Youtube එකට Videos Upload කරන්නත් පුළුවන්.

ඉතින් මේ App එක නිකුත් කරල දැන් ටික කාලයක් වෙනවා. හැබැයි තවම අපිට මේක අපේ Mobile Phone වලට Install කර ගන්න බෑ. මොකද මේක තවම රටවල් කීපයකට විතරක් Beta Version එකක් විදියට විතරයි නිකුත් කරල තියෙන්නෙ. කොහොම වුනත් අපිටත් ලගදීම තව අලුත් Features එක්කම මේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...