දැන් Google Chrome, AI browser race එකට එකතු වෙලා AI Mode සහ AI Agent වැඩසටහනක් එකතු කරලා තියෙනවා. මේකෙන් කියන්නෙ, browser එකේ basic browsing experience එක AI-powered විශේෂාංග එක්ක අලුත් අත්දැකීමක් ලබාදෙනවා කියලා.
අලුත් AI Mode එක enable කරගත්තොත්, Chrome හරහා browse කරනකොට AI assistant වැඩසටහනක් background එකේ වැඩ කරනවා. මේකෙන් ඔයාලට දිග ලිපි සාරාංශගත කරන්න, පිටුවල ඇති දේ විස්තර කරගන්න, නැත්තම් ඉක්මන් පිලිතුරු ලබාගන්න වගේ හැමදේම browser එකෙන්ම කරන්න පුළුවන්.
ඒකට අමතරව, AI Agent integration කියන feature එකත් නව විශේෂාංගයක්. මේකෙන් Chrome, ඔයාලගේ browsing tasks කළමනාකරනය කරනවා. උදාහරණයක් විදියට, ඔයාලට travel plan එකක් හදන්න ඕනේ නම්, agent එක flights, hotels search කරලා, සංසන්දනයකුත් කරලා අපිට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා.
මෙම විශේෂාංග මගින් Google, Microsoft Edge (Copilot integration) සහ Opera වගේ දැනටම AI integrate කරපු browsers වලට පැහැදිලිවම අබියෝගයක් ලබා දෙනවා.














❤