Home Reviews MSI GT 710 Graphic card Unboxing
Reviews

MSI GT 710 Graphic card Unboxing

Share
blank
Share

MSI GT 710 කියන්නෙ අනෙක් Cards එක්ක ගත්තම මිලෙන් ඉතා අඩු, performance වලිනුත් අඩු option එකක්. කාටද මේ card එක වැදගත් වෙන්නෙ?

Unboxing Package එක

  • MSI GT 710 2GB Card එක
  • Software/ Driver installation DVD එක
  • Quick setup guide එක

Features

features ගැන කියවන්න කලින් Video එක බලන්න

Direct X 12 support කරන CUDA cores 192ක් 2GB DDR3 VRAM තියෙන Card එක system එකට connect වෙන්නෙ 64-bit bus එකකින්. මේ specifications බලපු ගමන් කියන්න පුලුවන් මේක Gaming වලට හදපු card එකක් නෙමෙයි කියල. කලින් කිව්ව වගේ MSI GT 710 එක වැදගත් වෙන්නෙ අඩුම මුදලකට Multi Monitor setup එකක් දාගන්න කෙනෙකුටයි. ඒ වගේම තාමත් VGA port තියෙන Monitors පාවිච්චි කරන අයටත්, 1st generation, 2nd generation onboard graphics පාවිච්චි කරන අයටත් ඒ system වල HD video playback වගේම Windows 7 / 8 Visual features Activate කරගන්නත් තමයි.

ඒ වගේම තමයි අඩු මුදලකට ගන්න පුලුවන් Dell / HP වගේ office system වලට Windows 7 / 10 වගේ දාගෙන පාවිච්චි කරන්න පුලුවන් විදිහට upgrade කරගන්නත් පුලුවන්

Performance

මේ card එක අලුත්ම intel HD 530 (6th gen, 7th gen intel CPU Graphics) වලට වඩා performance වලින් අඩුයි. උඩින් තියෙන්නෙ 720p low settings වල තෝරගත්ත games ටිකක් play කරල ගත්ත results.

Outputs

MSI GT 710 card එකේ පරණ වගේම අලුත් monitors පාවිච්චි කරන්න පුලුවන් ports 3ක් තියෙනව.

  • VGA port
  • DVI port
  • HDMI port

Power

MSI GT 710 card එකට වෙනම power ඕන වෙන්නෙ නැහැ. ඒ නිසා ඕනම PCI express port එකක් තියෙන System එකකට මේ Card එක fix කරල පාවිච්චි කරන්න පුලුවන්.

Experience එක සහ මිල

Multi monitor Setup එකකට ගැලපෙන  MSI GT 710 card එක මේ review එක ලියනකොට රු 7500ක මිලකට කමයි ගන්න පුලුවන්. අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...