Home Tech News Explained පළමු Cellular Phone එක සොයාගෙන වසර පනහක් සපිරෙයි
ExplainedPhonesTech News

පළමු Cellular Phone එක සොයාගෙන වසර පනහක් සපිරෙයි

Share
blank
Share

ලොව පලමු ජංගම දුරකතනය නිපදවා 2023ට වසර 50ක් සපිරෙනව. පලමු ජංගම දුරකතනය නිපදවා එයින් පලමු දුරකතන ඇමතුම ලබාගෙන තිබෙන්නෙ 1973 අප්‍රේල් 3 වැනිදායි. එසේ ඇමතුම ලබාගෙන තිබෙන්නෙ එම දුරකතනය නිපදවූ මෝටරෝලා සමාගමේ ඉංජිනේරුවරයෙකු වූ මාටින් කූපර් විසින්.

ඇමරිකානුවෙක් වන මාටින් කූපර් අද වනවිට 94 වන වියේ පසුවෙනව. සෙලිලුයර් දුරකතනයේ පියා යන විරුදාවලිය ඔහුට ලැබී තිබෙනව. වසර 50කට පසු තමන් නිපදවූ දුරකතනට මිනිසුන් කෙතරම් ඇළී ගැළී සිටිනවද යන්න පුදුමසහගත බව ඔහු පුවත්පත් සාකච්චාවකදී පවසා තිබුනා. දැන් ස්මාට් වොච් එකක් සහ අලුත්ම ඇපල් දුරකතනයක් බාවිතා කරන මාටින් කූපර් පවසා තිබුනේ කතා කිරීමට ඔහු තැනූ දුරකතනයෙන් වර්තමානයෙ සිදු කලහැකි දේවල් අදහාගත නොහැකි බවත් තවත් වසර කිහිපයකින් මේවා තවත් බොහෝසෙයින් දියුනු වන බවත්ය.

1970දි පමන මෝටරෝලා සමාගම අතේ ගෙන යා හැකි දුරකතනයක් නිපදවීමට මිලියන ගණනක් ආයෝජනය කර කන්ඩායමක් රැස් කර නව ව්‍යාපෘතියක් ඇරබුවා. මාටින් කූපර් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරා. එකලත් සෙලියුලර් තාක්ශනයෙන් වැඩ කරන දුරකතන තිබුනත් ඒවා අතේ ගෙන යාමට නොහැකි විශාල බැටරියක් සහිත උපකරන වුනා.

එකල ඇමරිකාවේ බෙල් සිස්ටම්ස් සමාගමත් මේ ආකාරයට කන්ඩායමක් දුරකතනය නිපදවීමේ තරගයට එක්කර තිබෙනව. ඔවුන් හා මාටින් කූපර් ඇතුලු මෝටරෝලා සමාගම් කන්ඩායමේ තිබී ඇත්තෙ කරටකර තරගයක්.

1972දි මාටින් කූපර් විසින් සෙලියුලර් දුරකතනයක් සැලසුම් කලා. ඉන්පසු ට්‍රාන්සිස්ටර්, ඇන්ටෙනා ඇතුලු විවිධ ක්ශේත්‍ර වල ප්‍රවීනයන් රැස් කරගෙන එහි මූලාකෘතිය නිර්මානය කිරීම ආරම්බ කර තිබෙනව. එම මූලාකෘතිය රාත්තල් දෙකහමාරක් පමන බර වූ අතර එමගින් විනාඩි 25 එකදිගට කතාකල හැකි වුනා.

අදින් අඩ සියවසකට පෙර ඇමරිකාවේ මහා මාර්ගයකදී මාටින් කූපර් විසින් මෙම දුරකතනයෙන් ඔවුන්ගේ ප්‍රතිවාදි කන්ඩායම වූ බෙල් සිස්ටම් සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ ජොයෙල් ඒන්ජල් හට කතාකර පවසා තිබුනෙ “මේ කතා කරන්නෙ අතේ ගෙන යා හැකි නියම දුරකතනයකින්” බවයි.

කෙසේනමුත් මෙම මූලාකෘතිය ඔවුන් තවත් වසර 11 තිස්සෙ වැඩි දියුනු කර එහි බර රාත්තල් එකහමාරක් දක්වා අඩුකර 1984දි වෙළදපොලට නිකුත් කරනු ලැබුවා. එය Motorola DynaTAC 8000 X ලෙස නම්කර තිබුන.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...