Home Tech News හුළං ගිය Google Loon
Tech News

හුළං ගිය Google Loon

Share
blank
Share

2016දි ලොකු මාධ්‍ය ප්‍රචාරයක් එක්ක ලංකාවේ අත්හදා බලන්න පටන් ගත්ත Google Project loon කියන්නෙ ලෝකයේ දැනට internet coverage නැති සියලු දෙනාට internet පහසුකම දෙන්න පුලුවන් Google Project එකක්. බැලුන් කිහිපයක් කඩාගෙන වැටුනත් එක්කම හිමින් සැරේ නැවතුන Google loon ගැන හැමෝටම අමතක උනා.

වායුගෝලයේ පීඩන වෙනස්කම් වල උදව්වෙන් පාලනය කරන්න පුලුවන් මේ බැලුම් එක්ක උඩට යවන සන්නිවේදන උපකරණ වලින් එක් තැනකින් ලබා ගන්න Data signal විශාල පෙදෙසකට විහිදුවා හරින්න පුලුවන්. මේ බැලුමක් එක් වරක් ගුවන් ගත කලාම මාස 3ක් වගේ කාලයක් අහසේ රැදී ඉන්න පුලුවන්කම තියෙනව. මේවා රෑනක් එකපාර ගුවනේ ස්ථානගත කරාම අඩු වියදමකින් විශාල පෙදෙසකට internet පහසුකම ලබාදෙන්න පුලුවන්.

2015 ජුලි මාසෙ 28 වෙනිද Google සහ ලංකාවෙ ICTA ආයතනය අත්සන් කරපු ගිවිසුමකට අනුව 2016 ඉදන් project Loon එක අත්හදා බලන්න පටන් ගත්ත. මුල් ගිවිසුමේ හැටියට මේ බැලුන් 13ක් ලංකාවෙ ගුවනෙ ස්ථානගත කරාම මුලු දිවයිනටම (ඕනම තැනකට)  10Mbps වේගයකින් LTE coverage එකක් දෙන්න පුලුවන් වෙනව. ඒ වගේම ලංකාවේ සියල්ලන්ට සීමාසහිත Data ප්‍රමාණයක් නොමිලේ ලබාදෙන්නත් එකග වෙලා තිබුන.

මුල් අත්හදා බැලීම් සාර්ථක උන බවත් RAMA කියන අතරමැදි ආයතනය හරහා ලංකාවේ internet Service provider ලට Google Loon එකට සම්බන්ධ වෙන්න පුලුවන් කියලත් කිව්වට ඉන් පස්සෙ ලොකු නිහැඩියාවක් එක්ක Loon අමතක වෙලා ගියා. ICTA එකෙන් කියන්නෙ මේ සේවාව ලබාදෙන්න අවශ්‍ය frequency එක ලබාගන්න TRCSL එකට තොරතුරු දීල තියෙනව කියල. මේ ඔක්කොම විසදුනාම ලගදීම Google Loon කිහිපයක් ලංකාවට එන බවත් පුවත් පත් කිහිපයක පලවෙලා තිබුන. අපි බලමු මේ කියන විදිහට මේ අවුරුද්දෙදි ආයෙත් Loon බැලුම් උඩ යාවිද කියල.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • මේක හැමෝටම අමතකයි දැන්. මේ වගේ දේවල් වලටත් ගානක් ඉල්ලල චොර කරගත්තද දන්නෙ නෑ

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...