Home Tech News AI තාක්ශණය එපා කියන Wikipedia Community එක
Tech News

AI තාක්ශණය එපා කියන Wikipedia Community එක

Share
blank
Share

Wikipedia කියනකොට අපිට මතකෙට එන්නෙ මිනිස්සුන් ලියපු community එකක් සහ විශ්වාසවන්ත දත්ත තිබෙන තැනක්. බොහෝ වෙලාවට සෙවුම් ප්‍රතිඵල වල මුලින්ම Wikipedia summary එකක් දකින්න ලැබෙනවා. ඒ හේතුව නිසා Wikipedia වෙතින්ම AI-generated summary එකක් පරිශීලකයන්ට පෙන්වන විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් උනා.

Wikimedia Foundation පසුගිය දිනවලදී දුරකතන පරිශීලකයන්ට, ලිපිවල ඉහළින් AI summary එකක් පෙන්වන්න පරීක්ෂණයක් පැවැත්වුවා. හැබැයි, ඒකට Wikipedia සංස්කාරකවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර වෙන්නෙ එය අවශ්‍ය නැහැ කියන එක.

AI summary feature එක Wikipedia ලිපියක ඉහළට දාලා පෙන්වා තිබුනොත්, ඒක “සම්පූර්ණ විශ්වාසය බිඳ හෙලන දෙයක්” කියලා බොහෝ සංස්කාරකවරුන් විවේචනය කර තිබුනා. 

මේ විවේචන ටිකට පස්සේ, Wikimedia Foundation එක කියන්නේ, “අපි මේ feature එක පරීක්ෂා කරන්නෙත්, භාවිත කරන්නෙත් reader experience එක හොඳ කරන්න කියලා. හැබැයි, community එකේ විවේචන වලට පිළිතුරු ලෙසින්, මේ AI summary feature එක තාවකාලිකව අත්හිටුවනවා.” 

AI summaries කියන දේ වැරැද්දක් නෙවෙයි. හැබැයි ඒවා භාවිතා කරන ආකාරය වැදගත්. Google Search වලත්, ChatGPT වගේ tool වලත්, AI summaries පිළිබඳ විශ්වාසය තවම තියෙනවා. හැබැයි Wikipedia කියන්නේ දැනුමක් හඳුනාගන්න සහ සනාථ කරන තැනක්. ඒ නිසා summary එකක් දැක්වෙනවා නම්, ඒක මිනිස් අතකින්, නිවැරදිව, පරීක්ෂා කරලා තියෙන්න ඕන.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...