Home Tech News social media Elon Musk විසින් Twitter සමාජ ජාලය මිලදී ගනී
social mediaTech Newswebsites

Elon Musk විසින් Twitter සමාජ ජාලය මිලදී ගනී

Share
blank
Share

අපි පසුගිය දවසක වාර්තා කරා Elon Musk ට Twitter සමාජ ජාලයේ වැඩි අයිතියක් හිමි කරගන්න හැකියාව ලැබුනා කියලා. ඊට දින කිහිපයකට පස්සෙ ඔහු විසින් Twitter සමාජ ජාලයේ මුලු අයිතියම මිලදී ගන්න කැමතියි කියන එක සඳහන් කරල තිබුනා. හුඟ දෙනෙක් හිතුවෙ මේක කිසිසේත් වෙන්නෙ නැති ගණුදෙනුවක් සහ විහිළුවක් ලෙසටයි, නමුත් දැන් වාර්තා වෙන විදිහට Twitter.Inc සමාගම ඩොලර් බිලියන 44 කට Elon Musk විසින් මිලදීගෙන තියනවා.

මේ මිලදී ගැනීම අවුරුදු 16 ක් පරණ Twitter ඉතිහාසයේ විශේෂ සිදුවීමක්. Twitter කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධම සමාජ ජාලය නොවුනත්; සමාජයට, දේෂපාලනයට වගේ දේවල් වලට ලොකුම බලපෑමක් කරන්න පුළුවන් සමාජ ජාලය කියන එකට විවාදයක් නෑ.

Elon Musk විසින් තමන් අදහස් දැක්වීමේ නිදහස සුරක්ෂා කිරීමට පෙනී සිටින පුද්ගලයෙක් ලෙසට හඳුන්වාගන්නවා. මේ හේතුවෙන් Twitter විසින් සමහර අවස්ථාවල සිදු කරපු moderations වලට ඔහු ප්‍රසිද්ධියේ විරුද්ධ වෙලත් තියනවා. ඔහුට අවශ්‍ය වෙලා තියනවා Twitter algorithm එක විසින් සාමාන්‍ය Tweets වලට ප්‍රමුඛතාව දක්වල වෙලඳ දැන්වීම් ලබාදෙන විශාල සමාගම් වලට අඩු ප්‍රමුඛතාවයක් ලබාදෙන්නත්.

සමහර දේෂපාලන ක්‍රියාකාරීන්නම් Musk ගෙ මේ තීරණ වලට කැමැත්තක් දක්වන ස්වරූපයක් තමයි පෙනෙන්නේ, මොකද හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ අයගෙ Twitter accounts තම වෙබ් අඩවියේ කොන්දේසි වලට එරෙහිව යනව කියල suspend කරලයි තියෙන්නේ. ඉතින් Musk මේ සමාගම මිලදී ගැනීමත් එක්ක moderations නීති ලිහිල් වීමට ඉඩ තියනවා. කෙසේ වුනත් සමහර මානව හිමිකම් ක්‍රියාකාරීන් නම් මේ ගණුදෙනුව පිලිබඳ කණස්සල්ල පල කරල තියනව මොකද moderations නීති ලිහිල් කිරීමෙන් වෛරී ප්‍රකාශ එල්ල කිරීම ඉහළ යන්න ඉඩ තියන නිසා.

මේ මිලදී ගැනීමත් එක්ක Elon Musk විසින් ප්‍රකාශ කරල තියනව ඉදිරියේදී Twitter පරිශීලකයන්ට ප්‍රයෝජනවත් පහසුකම් කිහිපයක්ම එක් කරන්න සූදානම් වෙනව කියල, ඒ අතර “Tweet edit button” එකක් සහ “spam bots” නවත්වන්නත් කටයුතු සිදු කරගෙන යාවී. Twitter algorithm එකත් open source කරන්න යනව කියල සමහර පිරිස් ප්‍රකාශ කරල තියනව, එමගින් algorithm එකේ විශ්වාසනීයත්වය රැකගන්න හැකි වෙනව වගේම algorithm එක තවදුරටත් වැඩි දියුණු කරන්නත් වෙනත් පිරිස් වලට හැකියාව ලැබේවී. නමුත් Twitter සේවාවේ හදවත වගේ තියන algorithm එක open source කිරීම ටිකක් හිතල බලල ගන්න ඕන තීරණයක්, ඒ හින්ඳ ඒ දේ වෙනකන් අපිට විශ්වාස කරන්න අමාරුයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...