Home Tech News ලංකාවේ පළමු සජීවී දුම්රිය සිතියම් විශේෂාංගය
Tech News

ලංකාවේ පළමු සජීවී දුම්රිය සිතියම් විශේෂාංගය

Share
blank
Share

අද කියන්න යන්නෙ අපේ රටේ පුවතක් ගැන. ඒ තමයි ලාංකීය නිර්මානයක් වන RDMNS ඇප් එක. ඉතින් ඔබත් දුම්රියේ නිතර ගමන් කරන අයෙක් නම් බොහෝවිට මේ ඇප් එක ගැන අසා ඇති. RDMNS කියන්නෙ දුම්රිය මගීන්ට අවශ්‍ය තොරතුරු හා සේවා ලබාදෙන ඇප් එකක්. මේක ෆේස්බුක් සමූහයක් වශයෙන් පමනයි මීටපෙර තිබුනෙ. නමුත් පසුව ඔවුන් එය ඇප් එකක් ලෙස නිර්මානය කරල Android සහ iOS සදහා මුදාහැරියා.

මේ ඇප් එකෙන් ඔබට පුවත් විමසන්න, හදිසි දැනුම්දීම්, ප්‍රවේශ පත්‍ර මිළ ගණන්, දුම්රිය කාලසටහන්, නැති වූ භාන්ඩ පිලිබදව තොරතුරු වැනි බොහෝ දේවල් කරගන්න පුලුවන්. මේ වෙනකොට මෙහි පරිශීලකයන් ලක්ශ දෙකකට වඩා පිරිසක් එක්වෙලා ඉන්නවා. මෙම ඇප් එකෙ තොරතුරු යාවත්කාලීන වෙන්නෙ එදිනෙදා දුම්රියෙ ගමන් කරන මගීන් සපයන තොරතුරු මතයි.

ඉතින් මේ RDMNS ඇප් එකට අලුතෙන් හදුන්වා දීල තියන විශේෂාංගය තමයි RDMNS Live Map කියල කියන්නෙ. මෙමගින් රටේ සියලුම දුම්රිය මාර්ග ආවරණය වන පරිදි සකස් කල සජීවි සිතියමක් දැක්වෙන අතර එමගින් ඔබට යාවත්කාලීන දුම්රිය තොරතුරු ලබාගත හැකි වෙනවා.

මෙම අලුත් විශේෂාංගයෙන් ඔබට සජීවීව දුම්රිය තිබෙන ස්ථානය, අපේක්ශිත ළගාවීමේ වේලාව, මාර්ග අවහිරතා හෝ පීලිපැනීම් ආදිය මෙන්ම දුම්රිය ස්ථාන අනුපිලිවෙලත් දැනගන්න හැකිවෙනවා.

ඒවගේම මේ ආකාරයට යාවත්කාලීන තොරතුරු ලබාදෙන්න කැමති නම් ඔබටත් RDMNS User Portal එක ඔස්සෙ ලියාපදිංචි වී මේ සදහා දායක වෙන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...