Home Tech News Samsung HBM3 චිප් සඳහා Nvidia සමාගමෙන් කොළ එළියක්
Tech News

Samsung HBM3 චිප් සඳහා Nvidia සමාගමෙන් කොළ එළියක්

Share
blank
Share

Samsung ලොව විශාලතම Memory චිප් නිෂ්පාදකයන්ගෙන් එකක් වුවද,එම chip කෘතිම බුද්ධි (AI) ප්‍රොසෙසරයේ භාවිතය සඳහා සුදුසු බව සහතික කිරීමට Nvidia සමාගමෙහි අවසරය ඔවුන්ට උවමනා වෙයි.කෙසේ වෙතත් Reuters වාර්තාවන්ට අනුව Samsung high banded memory (HBM3) fourth generation චිප් එහි කෘතිම බුද්ධි (AI) ප්‍රොසෙසරයේ භාවිතය සඳහා Nvidia සමාගම අවසර ලබා දී ඇතිබව වාර්තා වෙයි.

නමුත්, Samsung HBM3 චිපයන් භාවිතා කිරීම සඳහා කොළ එළිය නිකුත් කර ඇත්තේ H20 නමින් හැඳින්වෙන අඩු සංකීර්ණ AI චිපයක් සමඟ පමණක් වන අතර, එය එක්සත් ජනපදය විසින් සකස් කරන ලද අපනයන පාලනයන්ට අනුකූලව චීන වෙළඳපොළ සඳහා නිකුත් කරන ලදි. 

දකුණු කොරියානු සමාගම විසින් අගෝස්තු මාසයේ සිට Nvidia වෙත HBM3 චිප් සැපයීම ආරම්භ කළ හැකි බව තව දුරටත් වාර්තා වෙයි. මේ අතර, සැම්සුන් හි පස්වන පරම්පරාවේ HBM3E චිප්ස් තවමත් Nvidia හි ප්‍රමිතීන් සපුරාලීම සඳහා තව දුරටත් පරීක්ෂා කරනු ලැබේ. 

පෙර වාර්තාවන්ට අනුව Samsung HBM3E චිප්ස්වල තාපය සහ කාර්යක්ෂමතාව සම්බන්ධ ගැටළු ඇති බව පෙන්වා දී ඇත.නමුත් Samsung සමාගම එම ගැටලු ප්‍රතික්ෂේප කර ඇත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...