Home Games Sony ආයතනය ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා සංවර්ධක Bungie මිලදී ගනී
GamesTech News

Sony ආයතනය ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා සංවර්ධක Bungie මිලදී ගනී

Share
blank
Share

මීට දින කිහිපයකට කලින් අපි වාර්තා කරා Microsoft ආයතනය විසින් කරපු ඩොලර් බිලියන 68.7ක විශාල මිලදී ගැනීම ගැන, ඒකට ප්‍රතිචාරයක් විදිහට වගේ මේ වෙනකොට Sony ආයතනයත් තමන්ගෙ පළමු පාර්ශවික game studios එකතුවට තවත් ප්‍රසිද්ධ ක්‍රීඩා සංවර්ධක සමාගමක් එකතු කරගන්නයි සූදානම් වෙන්නේ, ඒ ප්‍රසිද්ධ Destiny ක්‍රීඩාවේ සංවධකයන් වගේම Halo වල මුල් සංවර්ධකයන් වුන Bungie ආයතනයයි. මේ ගණුදෙනුව ඩොලර් බිලියන 3.6ක් පමණ වෙනවා.

Sony Interactive Entertainment හි ප්‍රධාන විධායන නිලධාරී Jim Ryan ප්‍රකාශ කරන විදිහට මෙහෙම Sony යටතට Bungie පැමිණුනත් ඒ Studio එක දිගටම ස්වාධීන විදිහට තිබේවි, ඒ වගේම අනෙක් PlayStation Studios සමගත් Bungie එක්ව වැඩ කරාවි කියල Ryan ප්‍රකාශ කරල තියනවා.

Bungie විසින් ඔවුන්ගෙ ඉදිරියට පැමිණෙන පරිගණක ක්‍රීඩා පිලිබඳව අහන ප්‍රශ්න වලටත් උත්තර ලබාදීල තිබුනා, ඒ අනුව ඔවුන්ගෙ ඉදිරියට පැමිණෙන පරිගණක ක්‍රීඩා PlayStation exclusives නොවේවී. තමන්ගෙ ක්‍රීඩා ලෝකයේ පරිගණක ක්‍රීඩා කරන ඕනම තැනක ඉන්න පුද්ගලයෙක්ට ක්‍රීඩා කරන්න හැකි වෙන ලෙස පවත්වාගෙන යාමේ අභිලාෂය තවමත් වෙනස් වෙලා නෑ කියන එක Bungie විසින් මේ ගණුදෙනුව පිලිබඳ අහපු ප්‍රශ්න වලට උත්තර ලෙස කියල තියනවා.

Destiny කියන්නෙ Bungie වල ප්‍රසිද්ධම franchise එක. ඉතින් Destiny 2 වගේ පරිගණක ක්‍රීඩා දිගටම cross platform විදිහට තියේවිද කියල අහන ප්‍රශ්න වලටත් Bungie විසින් කියල තිබුනෙ Destiny 2 වල දිගටම තුබුන cross platform පහසුකම් ඒ විදිහටම දිගටම තියේවි කියලයි. ඒ වගේම දිගටම ඒ පරිගණක ක්‍රීඩා වලට අලුත් contents සහ පහසුකම් ලබාදෙන්නත් තමන් සූදානම් බවට Bungie විසින් තහවුරු කරල තියනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...