Home Games Microsoft ආයතනය විසින් Activision Blizzard මිලදී ගනී
GamesTech News

Microsoft ආයතනය විසින් Activision Blizzard මිලදී ගනී

Share
blank
Share

Microsoft විසින් Call of Duty, World of Warcraft සහ Diablo වැනි අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩා වල අයිතිය හිමි Activision ආයතනය තම සමාගම යටතට ගැනීමට මේ වෙනකොට කටයුතු කරල තියනවා. මේ ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 68.7ක්. ඒ මුදල 2016 දි LinkedIn මිලදී ගන්න Microsoft ආයතනය ගෙවූ ඩොලර් බිලියන 26 ත් ඉක්මවන අති විශාල මුදලක්. මේක Microsoft විසින් පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයේ කරපු ලොකුම ආයෝජනය කියල වාර්තා වෙනවා. Microsoft ආයතනය ප්‍රකාශ කරල තියනව මේ ගනුදෙනුව සම්පූර්ණ උනාට පස්සෙ ආදායම අතින් ලෝකයේ තුන්වන විශාලතම පරිගණක ක්‍රීඩා සමාගම බවට තම සමාගම පත් වෙනව කියලයි, ඒ Tencent සහ Sony සමාගම් වලට පසුව.

මේ ගනුදෙනුව අවසන් වූ පසු ප්‍රසිද්ධ subscription සේවාවක් වන Xbox Game Pass වෙත Activision ට අයත් බොහෝ ක්‍රීඩා එක් කිරීමට Microsoft සැලසුම් කරගෙන ඉන්නවා. Activision මිලදී ගැනීමෙන් පසුව Microsoft විසින් Warcraft, Diablo, Overwatch, Call of Duty, සහ Candy Crush වැනි franchises ඉක්මනින් Xbox Game Pass සහ PC Game Pass වෙත එක් කරන්න බලාපොරොත්තු වෙනව කියල Microsoft හි පරිගණක ක්‍රීඩා අංශයේ ප්‍රධාන විධායක නිලධාරී Phil Spencer විසින් ප්‍රකාශ කරල තියනවා.

Xbox Game Pass වලට මේ වෙද්දි subscribers ල මිලියන 25ක් පමණ ඉන්නව, ඒත් එක්කම Microsoft ආයතනයත් දිගටම තමන්ගෙ subscription සේවාව ශක්තිමත් කරන්න ඉදිරියටත් විවිධ studios මිලදී ගැනීම සිදු කරාවි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Microsoft ආයතනයේ දැවැන්ත Activision Blizzard ගනුදෙනුව සිදුවෙන්නෙ සමාගම ඩොලර් බිලියන 7.5 කට Bethesda මවු සමාගම ZeniMax Media මිලදී ගැනීමෙන් වසරකට ආසන්න කාලයකට පසුවයි. ඒ මිලදී ගැනීමෙන් පස්සෙ Microsoft සතුවෙන පළමු පාර්ශවික Xbox game studios ගණන 23 දක්වා ඉහල ගියා වගේම Xbox Game Pass වලටත් ඒ එක් වීම විශාල වාසියක් වුනා.

මේ Activision Blizzard ගනුදෙනුව 2023 මූල්‍ය වර්ෂයේදී අවසන් කරන්න හැකිවේවී කියල Microsoft ආයතනය බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ මේකට මාස 18 ක් වත් යනකන් සම්පූර්ණ අනුමැතිය ලැබෙන එකක් නෑ, ඒකට හේතුවක් වෙන්නෙ Activision Blizzard වගේ විශාල studio එකක් වෙලඳපොල ගණනාවක ක්‍රියාත්මක වෙන නිසා ඒ රටවල් සියල්ලේම නියාමන අනුමැතිය ලබා ගැනීම සංකීර්ණ සහ කාලයක් ගතවෙන ක්‍රියාවලියක් නිසයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

  • අපිටටත් free ගහපු game සල්ලි වලට ගන්න වේවිද දන්නෙ නෑ නේ…😥

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...