Home Tech News gadgets Snapchat ආයතනයෙන් Selfie Drone එක
gadgetssocial mediaTech News

Snapchat ආයතනයෙන් Selfie Drone එක

Share
blank
Share

Snapchat ආයතනය විසින් සීමිත සංස්කරණයක් විදිහට Pixy නමින් Selfie Drone යානයක් වෙලඳපොලට නිකුත් කරල තියනවා. ඒකෙ මිල ලෙස සඳහන් වෙලා තියෙන්නෙ ඩොලර් 230ක්. Snapchat වෙබ් අඩවියේ විදිහට පෙර සකස් කරන ලද options ගණනාවක් භාවිතා කරල මේ drone එකට හැකියාව තියනව භාවිතා කරන්නා වටේ කක්ෂයක ගමන් කරමින් දර්ශණ පටිගත කරන්න හෝ එකතැන පාවෙමින් සිටින්න. Pixy හරහා පටිගත වෙන දර්ශන සියල්ල ඔබගේ Snapchat memories තුලට ඉබේම upload වෙනවා, ඒ තුලින් ඔබට මේ දර්ශන තවදුරටත් සංස්කරණය කිරීමේ හැකියාව තියනවා.

මේ drone යානය වැඩි කාලයක් වෙලඳපොලේ තිබෙන ස්වරූපයක් නෑ. නිකුත් කරල තිබෙන තොග අවසන් වෙන තෙක් ඇමරිකාවෙ සහ ප්‍රංශයේ පමණක් මේ Pixy drone එක අලෙවි කරන්න තමයි දැනට තීරණය කරල තියෙන්නෙ.

Snapchat ආයතනයේ වසර 11ක ඉතිහාසයේ නිකුත් කරපු දෙවන hardware device එක තමයි Pixy drone එක. මීට කලින් 2016 වසරෙ Spectacles නමින් ඔවුන් smart sunglass එකක් වෙලඳ පොළට නිකුත් කරා. ඒකට තත්පර 10ක් වෙනකන් දර්ශන පටිගත කරන්න හැකියාව තිබුන වගේම, Pixy වගේම ඒ දර්ශන post කිරීමට, share කිරීමට හෝ සංස්කරණය කිරීමට Snapchat memories වලට යොමු කරන්න පුලුවන්.

Spectacles sunglass එකත් Pixy වගේම පර්‍යේෂණාත්මකව සිදු කරපු hardware නිකුත් කිරීමක්, ඒ කියන්නෙ මේක hardware වෙලඳපොලට කෙලින්ම ඇතුලත් වෙන්න Snapchat ගත් පියවරක් නොවෙයි. Snapchat හි ප්‍රධාන විධායක නිලධාරී Evan Spiegel විසින් ප්‍රකාශ කරල තියනව මේ වගේ products මිනිසුන්ගෙ ජීවිත වලට කොහොම ගැළපෙනවාද යන්න සොයා බලන්න මේ වගේ ව්‍යාපෘති මන්දගාමී ලෙස දියත් කරන බවයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...