Home Tech News YouTube සමාගම “Hype” යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි !
Tech News

YouTube සමාගම “Hype” යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි !

Share
blank
Share

YouTube වීඩීයෝ නිර්මාණකරුවන්ට(Content Creators) ප්‍රේක්ෂකයින් වර්ධනය කරගැනීමට පහසු වන ආකාරයේ නව විශේෂාංගයක් හදුන්වාදීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කරතිබේ.පසුගිය බදාදා දින පැවති Made On YouTubeඋත්සවයේදී ‘Hype“යනුවෙන් හදුන්වන මෙම නව විශේෂාංගය එලිදැක්වූ අතර මෙමගින් වීඩීයෝ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළගා කරවීමට වීඩීයෝ නිර්මාණකරුවන්ට හැකිවනු ඇත.

මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ 5කට වඩා අඩු YouTube නාලිකාවලට වන අතර මෙම විශේෂාංගය Like Button එකට පහලින් ස්ථාපිත කර තිබෙන බවද සමාගම පවසයි.එමන්ම මෙහි අනිසි භාවිතය වැලැක්වීම සදහා සතියකට තෙවතාවක් පමණක් මෙම විශේෂාංගය භාවිතා කිරීමට හැකිවන ලෙස නිර්මාණය කරතිබේ.මෙය භාවිතා කිරීමෙන් ඉහළට පැමිණෙන නිර්මාණකරුවන් ඇගයීම සදහා සමාගම ලකුණු දීම සහ විශේෂ ලාංඡන ප්‍රදානය වැනිදේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.එසේම යූ ටියුබ් සමාගම කරන ලද Beta පරීක්ෂණයකදී තහවුරු වී තිබෙන්නෙ වයස අවු.18-24 අතර වයසේ පසුවන පිරිස් මෙම නව විශේෂාංගය සදහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...