Home Tech News Xbox X සහ Xbox S
Tech News

Xbox X සහ Xbox S

Share
blank
Share

ලොව ප්‍රකට Microsoft සමාගම විසින් ඔවුන්ගෙ නවතම Console මාදිලිය Xbox X සහ Xbox S මාදිලියන් වෙලද පලට නිකුත් කරන දිනය නිශ්චිත වශයෙන්ම මාධ්‍යට අනාරණය කල අතර එම Console වල මිල ගනන් පිලිබදවද දැනුවත් කිරීමට කටයුතු කලා.

Microsoft සමාගම විසින් නිකුත් කරන ලබන Xbox මාදිලියන් අතරින් Xbox X සහ Xbox S යන models දෙක මෙම වසරේ නොවැම්බර් මස 10 වෙනි දින එලිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා, ඒ අතරම ඔවුන් එහි මිල ගනන් ද මාද්‍යට නිකුත් කර ඇති අතර Xbox X මාදිලිය ඇමෙරිකානු ඩොලර් 499 සහ Xbox S මාදිලිය ඇමෙරිකානු ඩොලර් 299 ක් ලෙස ඔවුන් මිල සදහන් කොට සිටිනවා. කෙසේ වෙතත් මෙම මාදිලියන් ආසියානු කාලපයේ රටවල් වලදී මිලදී ගැනීමේදී මෙම ගනන් වෙනස්වීමට හැකියාව ඇති බවද අන්තර්ජාලයෙන් වාර්තා වෙනව.

Xbox Series SXbox Series X
CPU8-core AMD Zen 2 CPU at 3.6 GHz
3.4 GHz with SMT enabled
8 AMD Zen 2 CPU cores at 3.8 GHz
3.6 GHz with SMT enabled
GPUAMD RDNA 2 GPU
20 CUs at 1.565 GHz
4 TFLOPS
AMD RDNA 2 GPU
52 CUs at 1.825 GHz
12 TFLOPS
RAM10 GB of GDDR6 RAM16GB of GDDR6 SDRAM
Storage512 GB SSD1TB SSD
Optical DiscNo disc drive4K UHD Blu-ray
Performance Target1440p at 60 FPS, up to 120 FPS4K at 60 FPS, up to 120 FPS
ColorWhiteBlack

මෙම නවතම Xbox මාදිලි දෙක Xbox Velocity Architecture උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති අතර Xbox X සහ Xbox S අතර සුලු වෙනස්කම් කිහිපයක් හැරුනු කොට බෙහෙවින්ම Xbox S මාදිලිය Performance අතරින් සමාන වන බව Microsoft සමාගම කියා සිටිනව. එමෙන්ම ඔවුන් Xbox S හදුන්වා දෙන්නෙ ලොව දැනට තිබෙන වේගවත්ම කුඩාම Console මාදිලිය ලෙසත් Xbox X මාදිලිය හදුන්වන්නෙ 2021 වෙන විට මිලදීගත හැකි වේගවත්ම සහ හොදම Console නිශ්පාදනය ලෙසයි. එමෙන්ම මෙය නවතම තාක්ශනයන් වෙන HDMI 2.1 සහ Ray-tracing තාක්ශනයෙන්ද අන්තර්ගතවූ මෙම මාදිලි දෙක සදහ Dolby Atmos සහ Dolby Vision කියන තාක්ශනයන් යොදාගෙන තිබෙනව පරිශීලකයන් හට පෙර නොවූ විරූ අන්දමට Gaming අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ලැබෙන බවට Microsoft සමාගම කියා සිටිනවා.

නවතම Xbox මාදිලිය සමගින් එය මිලදීගන්න පර්ශීලකයන් හට තවත් අලුත්ම අත්දැකීම් රැසක් අත්විදීමේ හැකියාවද ඔවුන් සලසා දී තිබෙනවා ඒ අතරින් අලුතින්ම නිකුත් වීමට නියමිතව තිබෙන Assassins creed Valhalla පරිගනක ක්‍රීඩාව සහ ඉදිරියේදී නිකුත් වීමට තිබෙන Microsoft සමාගමෙන්ම Console සදාහම නිකුත් කෙරෙන ලොව ප්‍රසිද්ද Halo Console Game එකේද පලමු සංස්කරනයන් මෙම මාදිලි සදා නිකුත් වන බවට වැඩි දුරටත් කියා සිටිනවා.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...