Home Tech News Whatsapp “View Once” පුද්ගලිකත්ව විශේෂාංගයේ දෝෂයක් ?
Tech News

Whatsapp “View Once” පුද්ගලිකත්ව විශේෂාංගයේ දෝෂයක් ?

Share
blank
Share

බිලියන දෙකකට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින ලොව ජනප්‍රියම End-to-end Encrypted Messaging යෙදුම වන Whatsapp,එක් වරක් පමණක් විවෘත කිරීමට (View Once) හැකිවන ලෙස පින්තූර සහ වීඩියෝ හුවමාරු කරගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසයි.මෙම View Once විශේෂාංගය 2021 දී එලිදැක්වූ අතර මෙය Whatsapp Web හෝ Desktop යෙදුම් සදහා වලංගු නොවන අතර Android සහ IOS මත පමණක් ක්‍රියාත්මක වේ.මෙලෙස View Once පින්තූරයක් හෝ වීඩියෝවක් Web හෝ Desktop වෙත ලැබුණු පසු එය තම දුරකතනයෙන් පමණක් විවෘත කිරීමට හැකිබව සදහන් කරමින් අවවාදාත්මක පණිවිඩයක් තිරයේ දිස්වේ.එසේම මෙලෙස එවනු ලබන වීඩියෝවල හෝ පින්තූරවල Screenshots හෝ Screen recordings ලබා ගැනීමටද පරීශීලකයාට හැකියාවක් නොලැබේ.

නමුත් ආරක්ෂක පරිශීලකයෙකු වන Tal Be’ery විසින් Whatsapp හි “View Once” විශේෂාංගයේ දෝෂයක් සොයාගන්නා ලද අතර ඔහු View Once ලෙස සලකුණු කර තිබූ ඡායාරූපයක් Whatsapp Web මගින් විවෘත කර එම ඡායාරූපයේ පිටපතක් ලබාගැනීමටද ඔහුට හැකිවිය.ඔහු මෙම දෝෂය පිලිබදව Meta සමාගම දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන අතරම ගැටළුව කඩිනමින් විසදීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...