Home Tech News cyber security 2022 ඉහල ගිය Social Media Account Hack කිරීම
cyber securitysocial mediaTech News

2022 ඉහල ගිය Social Media Account Hack කිරීම

Share
blank
Share

පසුගිය මාස 12 තුලදී සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීම ඉතාමත් සීග්‍රයෙන් ඉහල ගොස් ඇත. මේ ආකාරයට ගිණුම් සොරාගැනීමට ලක්වූවන්ට ආධාර සපයන ලාභ නොලබන ආයතන මගින් වාර්තාවක් ඉදිරිපත් කරමින් හෙළිකර ඇත්තෙ 2022 වසර තුල සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීම 1000%කින් ඉහල ගොස් ඇති බවයි.

ITRC මගින් සිදුකල සමීක්ශනයක් තුලින් වාර්තා කර ඇත්තෙ පරිශීලකයන් 85% දෙනෙකුගේ Instagram ගිණුම් සොරාගෙන ඇති බවත්, 25% දෙනෙකුගේ Facebook ගිණුම් පැහැරගෙන ඇති බවයි. ඒ පිරිස් අතරින් 70%ක් පිරිසක් තම ගිණුම් සම්පූර්නයෙන්ම ඉවත් කරගෙන තිබෙනව. එම වාර්තාවෙන් තවදුරටත් සදහන් කර තිබුනේ මෙසේ ගිණුම් පැහැරගැනීම හුදු අපහසුතාවයක් ලෙස බැහැර කරන්න පුලුවන් උනත් එය පරිශීලකයන්ට මානසිකව මෙන්ම මූල්‍යයම වශයෙන් බලපෑමක් ඇති කරන බවයි.

ITRC සදහන් කරන විදියට 2021 වන විට පහත සදහන් ක්ශේත්‍ර වල වාර්තාගත වැඩිවීමක් සිදු වී ඇත.

  • මූල්‍ය නොවන ගිණුම් පැහැරගැනීම 2020ට සාපේක්ශව 235% වැඩි වී ඇත.
  • සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීම 2020ට සාපේක්ශව 1000% වැඩි වී ඇත.

මෙම තත්වයන්ට ගොදුරු වූවන්ගෙන් වැඩි පිරිසකගේ සොරාගෙන ඇත්තේ Instagram ගිණුම්ය. මීට අමතරව 25% Facebook සහ Twitter ගිණුම් පැහැරගැනීමට ලක්ව ඇත.

සමාජමාධ්‍යගිණුම්පැහැරගැනීමවලක්වාගතහැකික්‍රම

  1. Third-party application බාවිතයේදි සැලකිලිමත් වීම – සමාජ මාධ්‍ය හා සම්බන්ද වෙනත් application එනම්, image downloader, hashtag creator වැනි app සදහා access ලබාදෙන විට සැලකිලිමත් විය යුතුය.
  2. ශක්තිමත් password යෙදීම
  3. antivirus software එකක් install කර තිබීම
  4. Two-factor authentication සක්‍රීය කිරීම
Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...