Home Games Rocksteady සමාගමේ නවතම Suicide Squad පරිගණක ක්‍රීඩාව
Games

Rocksteady සමාගමේ නවතම Suicide Squad පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

දිගු කාලයක් තිස්සේ Rocksteady සමාගම විසින් සංවර්ධනය කරගෙන පැමිනි Suicide Squad: Kill the Justice League පරිගණක ක්‍රීඩාව දැන් නිකුත් වෙන දිනය පිලිබදව නිවේදනය කර තිබෙනව. එම සමාගම පවසා තිබුනේ 2023 මැයි 26 වන දින සිට මෙම ක්‍රීඩාව ලබාගත හැකි බවයි.

මෙහි gameplay සහ story trailer එක නිකුත් කර අවසන්. එහි දැක්වෙන ආකාරයට ක්‍රීඩාවේ චරිත වලට ප්‍රසිද්ධ හඩකැවීම් ශිල්පීන් යොදාගෙන තිබෙනව. මෙම ක්‍රීඩාවේ Suicide Squad සමග Batman අතර ඇතිවන ගැටුමක් ඇති අතර එහි Batman සදහා හඩකැවීම් කරන්නෙ මෑතකදී මියගිය Kevin Conroy විසින්ය.

Suicide Squad Official gameplay trailer

මෙම Suicide Squad: Kill the Justice League තුල පෙර සිදු වූ ආකාරයට Superman සහ වෙනත් ප්‍රධාන DC Comic චරිත මෙන් මෙවර Batman මෙහි ප්‍රධාන සතුරා විදියට සිටිනව. එහි ඔහුට එරෙහිව සටන් කිරීමට ක්‍රීඩකයාට Harley Quinn, DeadShot, King Shark, සහ Captain Boomerang යන චරිත ලැබෙනව.

මෙම පරිගණක ක්‍රීඩාව PC, PS5, සහ Xbox Series සදහා නිකුත් වෙනව. කෙසේ නමුත් Rocksteady සමාගමට Batman: Arkham වෙතින් ලබාගත් කීර්තිනාමය දිගටම පවත්වා ගැනීමට හැකිවේදැයි කීමට තවමත් කල්වැඩිය. Suicide Squad: Kill the Justice League ක්‍රීඩාව නිකුත් කිරීම මීටපෙර වසර තුනකින් කල් දැමීමෙන් පසුවයි එය ලබන වසරේදී නිකුත් නව බව එම සමාගම කියා සිටින්නෙ. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...