Home Tech News විපතට පත් අයට උදව් කරන්න ලංකාවෙ සෙට් එකක් හදපු reliefsupports.org
Tech News

විපතට පත් අයට උදව් කරන්න ලංකාවෙ සෙට් එකක් හදපු reliefsupports.org

Share
blank
https://reliefsupports.org/
Share

ලංකාවෙ ගොඩක් ප්‍රදේශවලට බලපාල තියෙන ගංවතුර සහ නායයාම් තත්වයත් එක්ක හුග දෙනෙක් Facebook එක පාවිච්චි කරමින් ඒ ගැන පණිවිඩ බෙදා හරින එක දකින්නත් සතුටුයි. කවුරු කවුරුත් එකා වගේ මේ දේවල් වලට තමන්ට හැකි පමණින් උදව් කරද්දි තාක්ෂණික වශයෙන් ලංකාවෙ කොල්ලෙක් කරපු හපන්කමක් ගැනයි මේ ලියන්නෙ.

දැනට Facebook එකේ සහනාධාර, ආපදාවන්ට පත් වූ අයට උදව් කරන්න කියල දේවල් Share කරාට ඒවල කිසිම පිලිවෙලක් නැහැ. සමහර අය දවස් දෙකක් විතර පරණ Post පවා Share කරන්නෙ උදව් කරන්න කියල හිතාගෙන ඒත් මේකෙන් වෙන්නෙ එකම පණිවිඩය ආයෙත් Share වෙන එකයි. ඒ නිසා මේ ලිපිය කියවනවනම් ආයෙ post එකක් දානකොට දවස එක්ක වෙලාවත් අන්තිමට දාන්න.

මේ පටලැවිල්ල ලිහල පිලිවෙලකට ආපදාවට ලක්වෙච්ච අයට උදව් ලබාගන්න වගේම උදව් කරන්න බලන් ඉන්න අයටත් ඒ තොරතුරු ගන්න පුලුවන් Website එකක් – https://reliefsupports.org – හදන්න අපේම කොල්ලෙක් වෙන ධනිෂ්ක නවීන් සහ පිරිසක් පටන් අරන්. දැනටමත් මේක වැඩ. ඉදිරි දවස් කීපය ඇතුලත මේකට තවත් අංග එකතු කරනව කියල එයාගෙ Facebook පිටුවෙ සදහන්. මේක mobile එකෙත් වැඩ. පින්තූර මොකුත් නැති නිසා අවශ්‍ය තොරතුරු ඉක්මනින් බලාගන්න වගේම මේ වෙලාවෙ හැටියට battery, Data ඉතුරු කරගෙන ඒ දේවල් වලට උදව් වෙන්නතු පුලුවන්.

උදව් කරන අය මේ සයිට් එකට යන්න ඒ වගේම ධනිෂ්ක පටන් ගන්න Help Desk එකටත් ගෙදර ඉදන් උදව් කරන්න පුලුවන් අය එකතු වෙන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...