Home Tech News Paypal, Apple wallet එකට අභියෝගයක් වෙයිද?
Tech News

Paypal, Apple wallet එකට අභියෝගයක් වෙයිද?

Share
blank
Brisbane - Oct 16 2022:Silhouette of upset Australian woman over PayPal logo.PayPal has backtracked on a published policy that would have fined users $2,500 for spreading "misinformation" online.
Share

Paypalවිසින් සිය යුරෝපීය පරීශීලකයින් සදහා තමන්ගේම ඡංගම මුදල් පසුම්බියක්(Mobile Wallet)සංවර්ධනය කිරීමට කටයුතු කරන බවට සදහන් වේ.එය Apple Iphone හි මෑතකදි විවෘත කරන ලද NFC(ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදනය) හැකියාව ප්‍රයෝජනයට ගනිමින් සකස් කරන බවටද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.මෙසේ NFC ප්‍රයෝජනයට ගැනීමට Paypal සමාගමට අවස්ථාව හිමිවූයේ, මේ වන විට සම්බන්ධතා රහිත ගනුදෙනු සහ ගෙවීම්(contactless transactions and payments) සදහා බලය ලබාදෙන NFCසහ Secure Element APIවෙත ප්‍රවේශවීමට තෙවන පාර්ශ්වීය සංවර්ධකයින්ට (Third-party develpers)ඉඩ දීමට Apple සමාගම තීරණය කිරීම නිසාය.

NFC

Near Field Communication

Paypal හි දෙවන කාර්තුවේ ඉපැයීම් පිළිබදව ජූලී 30 වන දින ආයොජකයන් සමග පැවති සාකච්ඡාව අතරතුරදී එහි ප්‍රධාන විධායක නිලධාරී Alex Chriss ඉගි ප්‍රකාශ කළේ NFC තාක්ෂණයට සම්බන්ධව යුරෝපයේ ඉදිරියට එන වෙනස්කම් Paypal සමාගම සදහා නව අවස්ථා නිර්මාණය කරන බවයි.තවද Paypal සමාගම යුරෝපීය පරිශීලකයින් සදහා Mobile Wallet එකක් හදුන්වාදෙමින් ජංගම ගෙවීම් අවකාශයට ඇතුළු වීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේම Paypal සමාගම සිය පාරිභෝගිකයින්ට online සහ offline යන දෙයාකාරයෙන්ම සේවා සැපයීමට සැලසුම් කරන බවටද ආරංචි වේ.එනම් online store පමණක් නොව physical store සදහාද ගෙවීම් කටයුතු සිදුකළ හැකි ක්‍රමවේදයක් ඔවුන් සොයමින් සිටී.එයට ප්‍රධානම හේතුව විය හැක්කේ මේවන විට online payments තුළ Google pay සහ Apple Pay ආධිපත්‍ය පතුරවා තිබෙන නිසා විය හැක.

PAY
Google Pay And Apple Pay

තවද යුරෝපයෙහි නව ඩිජිටල් වෙළදපොල පනත යටතේ නවනීතී මගින් පාරිභෝගිකයින්ට Apple Wallet වෙනුවට Thrid-party Wallet එකක් භාවිතා කිරීමට හැකියාව සැලසී තිබේ.මෙයද Paypal සමාගමට වාසිදායක තත්වයකි.ඉදිරියේදී මේ පිලිබදව තවත් තොරතුරු රැගෙන ඒමට බලාපොරොත්තුවෙමි.

Source – TechCrunch

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...