Google, Android 16 සමඟ USB Protection කියන අලුත් security feature එකක් හඳුන්වා දීමට සූදානම් වෙනවා. මෙහි අරමුණ, ඔබේ phone එක USB cable එකක් හරහා connect කරන විට, අනවසර data transfer වීම වැළැක්වීමයි. ඒ කියන්නෙ, public charging stations හෝ ඔබ විශ්වාස නොකරන computers වලට plug කරන අවස්ථාවලදී, හැකර්කරුවන් data copy කරගන්න හෝ malware install කරන්න උත්සාහ කිරීමෙන් ඔබව ආරක්ෂා කරනවා.
මෙම feature එක enable කරලා තියෙන විට, phone එක USB port එකකට connect කළාම charging පමණක් සිදු වෙනවා. Data transfer කිරීමට අවශ්ය නම්, ඔබේ permission එක අවශ්ය වෙනවා. මේක, “juice jacking” වගේ data hacking attacks වලට විරුද්ධව හොඳම ආරක්ෂාවක් විදියට සලකන්න පුලුවන්.
කෙසේ වෙතත්, මෙහි අසමත් දෙයක් තියෙනවා. USB Protection Android 16 වල default ලෙස enable වෙන්නේ නැහැ. ඔබට settings වලට manually ගිහින් මේ option එක turn on කරන්න වෙනවා. බොහෝමයක් පරිශීලකයන්ට ඒක කරන්න අමතක වෙන නිසා මේ valuable security layer එක එදිනෙදා බාවිතයෙදි miss වෙන එක වැඩියෙන් සිදු වෙන්න පුළුවන්.
විද්වතුන් කියනවා, Google මේ feature එක by default enable කරලා තිබුණා නම්, බොහෝ Android පරිශීලකයන් පවා data theft වලින් ආරක්ශා වෙන බව. ඒත් දැන් වගකීම පරිශිලකයන්ගෙ අතේ තියෙන්නෙ. Android 16 update එක ගත්තාම, USB Protection setting එකට ගිහින් on කරලා තියෙනවාද කියලා තහවුරු කරගන්න එක අත්යවශ්යයි.














Leave a comment