Home Tech News Explained මොකක්ද මේ Metaverse කියන්නෙ?
ExplainedInternetTech News

මොකක්ද මේ Metaverse කියන්නෙ?

Share
blank
Share

අපිට දැන් නිතරම අහන්න ලැබෙන cryptocurrency, NFT වගේ වචන අතරෙ අලුතෙන්ම ඇහෙන තවත් වචනයක් තමයි Metaverse කියන්නෙ. මේ වචනය ඇත්තටම හුඟක් කාලයක ඉඳන් භාවිතයෙ තිබුනත් පසුගිය කාලයේ වැඩි වශයෙන් අවධානයට ලක්වුනෙ Facebook CEO වන Mark Zuckerberg විසින් තම ආයතනය Metaverse එකක් සංවර්ධනය කරමින් පවතින බවට නිවේදනය කිරීමත් එක්කයි. Facebook වලට අයිතිව තිබූ වෙනත් සමාගම් පවා එක් කරමින් Meta නමින් අලුත් මව් සමාගමක් පවා Zuckerberg විසින් ආරම්භ කරල තියනවා. මේ එක්ක තවත් සමාගම් රාශියක් මේ Metaverse සංකල්පය පිලිබඳ උනන්දුවක් දක්වන්න පටන් ගත්තා. ඔයත් Metaverse කියන වචනය නිතර දැක්කත් ඒ මොකක්ද කියල හරියට දන්නෙ නැතිනම් මේ ලිපියෙන් ඒ පිලිබඳ සරලව විස්තරයක් බලමු.

Metaverse යනු කුමක්ද?

Metaverse එකක් කියන්නෙ සරලවම සැබෑ ලෝකයේ පුද්ගලයන් digital avatars ලෙස digital හෝ virtual ලෝකයක පෙනී සිටීමයි. මේ Metaverse එකකට ඔයාට VR headset එකක් භාවිතා කරල ඇතුල් වෙන්න පුලුවන් වගේම ඒ ලෝකයේ ඉන්න අනිත් පුද්ගලයන්ගෙ digital avatars සමග විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්න හැකියාව තියනවා.

සාමාන්‍ය role-playing පරිගණක ක්‍රීඩා වල අපි ක්‍රීඩාවේ digital ලෝකයට ඇතුල් වෙලා තමන්ගෙ භූමිකාවට ගැලපෙන විදිහට digital වස්තූන් සහ වෙනත් ක්‍රීඩකයින් සමග ක්‍රියා කරන්න පුලුවන්. නමුත් Metaverse එකේදි ඊට වඩා බොහෝ තාත්වික විදිහට මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුද්ගලයන්ට හැකියාව ලැබෙනවා.

මේ Metaverse එකක් ඇතුලෙ virtual සාප්පු සංකීර්ණ වලට ගිහින් ඔයාට digital avatar එක භාවිතයෙන් සාප්පු සවාරි යන්න පුලුවන්. මේවට ගෙවන්න cryptocurrencies භාවිතා කරාවි. ඒ වගේම Metaverse එක ඇතුලෙ යාලුවො එක්ක චිත්‍රපට නරඹන්න සහ විවිධ ස්ථාන නරඹන්න වගේ දේවල් කරන්නත් හැකියාව ලැබේවී.

Metaverse එකක් කියන්නෙ නිකන්ම VR platform එකක් විතරක් නෙවෙයි. මේක අධි තාක්ෂණික hardware, වේගවත් අන්තර්ජාල සම්බන්ධතා, 3D visualization, modeling frameworks, digital වත්කම්, AI සහ Blockchain වගේ සංකීර්ණ සංකල්ප ක්‍රියාත්මක වෙන digital පරිසරයක්.

Metaverse යථාර්ථයක් බවට පත් කිරීමේ කාර්‍යයේදී Nvidia වගේ සමාගම් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. මාස කිහිපයකට කලින් Nvidia සමාගම Omniverse Enterprise නමින් නව අංශයක් ආරම්භ කරා මේ සංකීර්ණ ත්‍රිමාණ සජීවීකරණයන්, AI සහ සුපිරි පරිගණක වගේ සේවාවන් ලබාදෙන්න. මේ වගේ සේවාවන් සම්පූර්ණ Metaverse එකක් සෑදීමේ ක්‍රියාවලියට අඩිතාලම දමාවී.

Metaverse හි ඉතිහාසය.

Metaverse කියන වචනය මුලින්ම භාවිතා වුනේ 1992 දි Neal Stephenson විසින් ‍රචිත Snow Crash කියන පොතෙයි. ඒ පොතේ මිනිසුන් Metaverse හි කාලය ගත කරන හැටි විස්තර කෙරෙනවා. දැනටමත් පවතින virtual world platform එකක් වෙන Second Life බොහෝ දෙනෙක් කියන විදිහට පළවෙනි Metaverse එක ලෙස සලකන්න පුලුවන්. ඒ වගේම ප්‍රබන්ධ නවකතා හා චිත්‍රපට රාශියකම මේ Metaverse කියන සංකල්පය ගැන සාකච්චා කරල තියනවා.

මේ වෙද්දි අපි කොහෙද ඉන්නෙ?

සමහර සමාගම් මේ Metaverse සංකල්පය ගැන උනන්දුවෙන් ක්‍රියා කරමින් ඉන්නේ. ඒ අතර සමහරක් දැනටමත් තමන්ගෙ සැලසුම් වල මූලාකෘති නිකුත් කරලයි තියෙන්නෙ. Microsoft ආයතනය ඒ අතර ඉදිරියෙන් ඉන්න සමාගමක්. ඔවුන්ගෙ Teams meetings අලුත් metaverse එකක virtual රැස්වීම් ලෙස පවත්වන්න පහසුකමක් දැන් සංවර්ධනය කරගෙන යනවා. Microsoft ආයතනය මේක හඳුන්වන්නෙ “Mesh for Teams” නමින්. ඔයාගෙ digital avatar එකට රැස්වීමේ අනෙක් පුද්ගලයන්ගෙ digital avatars සමග virtual space එකකදි අවශ්‍ය රැස්වීම පවත්වන්න මේ තුලදී හැකියාව ලැබේවී.

මෑතකදි Accenture කියන සමාගම “Nth Floor” නමින් ඔවුන්ගෙ virtual office එක එළි දැක්වනු ලැබුවා. මෙහිදී සේවකයන්ට මෙම virtual office එකට ඇතුල් වෙලා අනෙක් සේවකයන්ගෙ avatars සමග අන්තර් ක්‍රියා කරන්න පුලුවන්.

Disney ආයතනයත් Metaverse එකක් ආ‍රම්භ කරන්න සැලසුම් කරගෙන යනව කියල ප්‍රකාශ කරල තියනවා. මෙහිදී Disney digital ලෝකය සහ භෞතික ලෝකය සම්බන්ධ කරන්න ඔවුන් සූදානම් වෙනව. එමගින් Disney චරිත සමග විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්න මේ සේවාව පාවිච්චි කරන අයට හැකියාව ලැබේවී.

Netflix සමාගමත් Metaverse එකක් ආරම්භ කිරීමට සැලසුම් කරගෙනයි ඉන්නෙ, එමගින් virtual සිනමා ශාලාවකදි ඔබේ මිතුරන් සමග Netflix shows සහ චිත්‍රපට නැරඹීමට හැකියාව ලැබේවී. ජනප්‍රිය පරිගණක ක්‍රීඩා සමාගමක් වෙන Epic Games පවා Metaverse වලට තමන්ගෙ සම්බන්ධය තහවුරු කරල තියනවා, ඒ වගේම Metaverse එකේ සංවර්ධනය සඳහා ඩොලර් බිලියනයක මුදලක් වෙන් කරලත් තියනවා. Nike සමාගම virtual avatars සඳහා virtual ඇඳුම් නිර්මාණයටත් සූදානම් වෙනවා. ඒ සඳහා මේ වෙනකොටත් trademarks හතක් සඳහා අයදුම්පත් Nike විසින් ගොනුකරලයි තියෙන්නෙ.

සම්පූර්ණ Metaverse එකක් සඳහා අපි කොතරම් ආසන්නද?

විවිධ සමාගම් Metaverse සඳහා තමන්ගෙ සැලසුම් සහ ඒවගෙ videos නිකුත් කරල තිබුනත් සම්පූර්ණ Metaverse එකක් තවමත් හරියට නිකුත් වෙලා නෑ. VR headsets පවා තවමත් ප්‍රමාණයෙන් විශාල වෙන නිසා ඒව වැඩි කාලයක් පැලඳ සිටීම අපහසුයි. Metaverse එකක් තුල පැය 2ක වගේ හමුවීමක් තිබෙන අවස්ථාවක දැන් තිබෙන VR headset එකක් පැලඳ සිටීම එච්චර හොඳ අත්දැකීමක් වෙන්නෙ නෑ. Metaverse එකකට ඇතුල් වීමට VR headsets, motion tracking උපාංග සහ වේගවත් computers අත්‍යවශ්‍ය දේවල්, නමුත් මේව තවත් දියුණු වෙන්න ඕනා. උදාහරණයක් විදිහට පැලඳ සිටීමට පහසු කුඩා ප්‍රමාණයේ VR headsets සංවර්ධනය වීම වගේ දේවල්. ඉතින් මේ දේවල් සංවර්ධනය වෙලා දැරිය හැකි මුදලකට වෙලඳපොලට එන්න තව අවුරුදු 10ක් වුනත් යන්න පුලුවන්.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...