Home Tech News අමාරු ගණන් ලේසියෙන් ඉගෙනගන්න MathGPT.AI
Tech News

අමාරු ගණන් ලේසියෙන් ඉගෙනගන්න MathGPT.AI

Share
blank
Share

MathGPT කියන AI වැඩසටහන ගැන ඔන්න දැන් තවත් අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියනවා. දැන් මේ “cheat-proof” කියන AI learning assistant වැඩසටහන, ලොවපුරා අද්‍යාපන ආයතන 50කට වැඩි සංඛ්‍යාවක දී බාවිතා කරනවා කියලා දැනගන්න ලැබෙනවා.

MathGPT කියන්නේ සාමාන්‍ය AI tool එකක් නෙවෙයි. මේක විශේෂයෙන්ම නිර්මානය කරලා තියෙන්නේ ශිෂ්‍යයන්ට වගේම ගුරුවරුන්ට ගණිතය හොඳට පියවරෙන් පියවර ඉගෙන ගන්න, ප්‍රශ්න වලට නිවැරදි පිලිතුරු ලබාදෙන්න වගේ දේවල් කරගන්න. ඉස්සර AI tools ගැන ගුරුවරුන්ට තිබ්බ ප්‍රධාන අවුල තමයි ශිෂ්‍යයන් ඔක්කොම පිලිතුරු ඒ මගින් ලබා ගන්නවා, ඒ නිසා ඉගෙනගන්න එක මගහරිනවා කියන එක.

මේක US සහ යුරෝපයේ විශ්වවිද්‍යාල රැසක දැනටම ස්ථාපනය කරල තියෙනවා. ඒවගේම දැන් මේ ටූල් එක තවත් විශාල පරිශීලක පිරිසකට නිකුත් කරලා තියෙනවා.

MathGPT එක ගුරුවරුන්ටත් තමන්ගේ assistant කෙනෙක් වගේ බාවිතා කරන්න පුලුවන්. මොකද assignments පරීක්ශා කරන්න, ප්‍රශ්න පත්‍ර නිර්මානය කරන්න, tutoring sessions වැඩිදියුනු කරගන්න මේ ටූල් එකෙන් පුලුවන් නිසා.

ගොඩක් පිරිස් කියන්නේ, MathGPT වගේ AI tools අනාගතයේ සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයේම culture change එකක් කරයි කියලා. දැන් ගණිතය කියන subject එකත් එපාවෙන විශෂයක් නෙවෙයි, ඒකත් දැන් AI එක්ක ලබාගන්න පුලුවන් සංවාදමය ඉගෙනුම් අත්දැකීමක් වෙලා තියෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...