Home Tech News Phones USB Type C වලට එන Apple
PhonesTech News

USB Type C වලට එන Apple

Share
blank
Share

යුරෝපා සංගමය විසින් තීරණය කරලා තියෙනවා යුරෝපා රටවල බහුලව භාවිතා කරන ස්මාර්ට්පෝන්ස් සහ අමතර උපාංග වල චාර්ජින් පෝර්ට් එක එකම මාදිලියකින් වෙළඳපොළට නිකුත් කල යුතු බවට. මෙය නීතියක් වශයෙන් 2024 වර්ෂයේ අග භාගය වන විට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙලෙස යුරෝපා සංගමය විසින් නව ඉලෙක්ට්‍රොණික් උපාංග සඳහා නිර්දේශ කරන්නේ දැනටමත් භාවිතයේ තියෙන USB type C පෝර්ට් එක සහ එම චාජර් මාදිලියයි.

ඉතින් මේ නීතිය හේතුවෙන් ලොකුම බලපෑමක් සිද්ධ වෙන්නේ ඇපල් සමාගමට එහෙමත් නැත්නම් ඇපල් ඩිවයිස් වලටයි. ඇපල් ඩිවයිස් සියල්ලම භාවිතා වෙන්නේ ලයිට්නින් පෝර්ට් එක නිසා. මොකද දැනටමත් වෙළඳ පොළට අළුතින් නිකුත් වෙන ඇන්ඩ්‍රොයිඩ් සෝර්ස් ඒක භාවිතා කරන ගොඩක් ස්මාර්ට්පෝන්ස් සහ උපකරණ බොහෝමයක පවතින්නේ මේ USB type C පෝර්ට් එක.  ඇපල් සමාගම ප්‍රකාශ කරල තියෙනවා මේ යෝජනාව මගින් ඔවුන්ගේ නිෂ්පාදනයට බලපෑමක් සිද්ද වෙන්න පුළුවන් සහ ඒ් නිසාවෙන් ඉලොක්ට්‍රෝණික අපද්‍රව්‍ය කදු ගාණක ප්‍රමාණයක් පරිසරයට එකතුවේවි කියලා. කොහොම උනත් ඇපල් සමාගම දැනටමත් USB type C පෝර්ට් එක සහිත ස්මාර්ට්පෝන් එකක වැඩකටයුතු සිද්ද කරන් යන බවට Bloomberg ප්‍රවෘත්ති අඩවිය වාර්ථා කරලා තියෙනවා.

මේ විදිහට චාර්ජර් පෝර්ට් එක වෙනස් කිරීම මඟින් යූරෝ මිලියන 250 (රුපියල් බිලියන 9 කට ආසන්න ප්‍රමාණයක්) පමණ ඉතිරියක් සමස්ථ යුරෝපීය පාරිභෝගිකයන් හට ලැබෙන බවට යුරෝපා සංගමයෙන් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා.

කොහොම උනත් වෙළඳපොළ තුල  පවතින පරණ මාදිලියේ උපාංග එලෙසම පවත්වාගෙන යාමට කිසිම බාධාවක් නැති බවට දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ 2024 අග භාගයෙන් පසු යුරෝපීය වෙළඳපොළට නිකුත් වෙන සියළුම ජංගම දුරකථන උපාංග සහ ස්මාර්ට්පෝන් වලට තමයි මෙම නව නීතිය අදාල වෙන්නේ. ඒ වගේම මෙම නීතිය 2026 වසරේ අග වන විට ලැප්ටොප් සඳහාද ක්‍රියාත්මක කිරීමට නියමිත බව දන්වලා තියෙනවා.

Source: https://www.reuters.com

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...