Home Tech News සිම්පත් සොරාගැනීම් තවත් ඉහළ යයි
Tech News

සිම්පත් සොරාගැනීම් තවත් ඉහළ යයි

Share
blank
Share

දැන් ක්‍රියාත්මක නොයෙක් ඩිජිටල් සේවා හා සම්බන්ධ වංචා අතරින් එකක් වෙන දුරකතන සිම් තොරතුරු හුවමාරුව, මෙම 2025 මුල් කාර්තුවේදී කලින්ට වඩා 38% කින් ඉහළ ගොස් තිබෙනවා.

සිම් ස්නැප්, සිම් හයිජැකිං, සිම් හැකිං යනාදී නම්වලින්ද හඳුන්වන මෙම වංචාවේ නිරත වෙන්නන්ගේ මූලෝපාය, අන් අයගේ සිම් කාඩ් හොරෙන් සාදා ගෙන, ඒවා ඔස්සේ අනුන්ගේ දුරකතන සම්බන්ධතා වෙත ප්‍රවේශවීමයි. එවිට මෙම දුරකතන සම්බන්ධතාවේ සම්පූර්ණ පාලනය හැකර්කරුවා අතට යනවා. එය ඔස්සේ හුවමාරු වෙන බැංකු ගිණුම් තොරතුරු දැන වංචා කිරීමේ පටන් යූසර්නේම් සහ පාස්වර්ඩ් භාවිතා කරන අන් සියලුම ඔන්ලයින් සේවා වෙත පිවිස, වෙනත් අනන්‍යතාවකින් යුක්තව වැඩ කර වාසි ලැබීම දක්වා පරාසයක මෙම වංචාව විහිදෙනවා.

අන් අයගේ සිම් පත් හොරෙන් සාදා ගැනීම පිණිස අවශ්‍ය දුරකතන අංක, ලිපින, හැඳුනුම්පත් අංක යනාදී පෞද්ගලික තොරතුරු හැකර්කරුවන් විසින් රැස් කර ගනු ලැබීම, පළමු පියවර වෙනවා. මේවා රැස් කොට සපයන වෙනත් පාර්ශව හෙවත් ඩේටා බ්‍රෝකර්කරුවන්ගෙන් ඒවා මිලදී ගන්නට හෝ තමාම ඒවා සොරා ගැනීමට හෝ හැකර්කරුවා වැඩ කරනවා.

මෙසේ රැස් කර ගන්නා තොරතුරු ඇසුරෙන්, එක් එක් තැනැත්තා පිළිබඳ විස්තරයක් සිම් ස්වැප් හැකර්කරුවා සකසා ගන්නවා. ඉන්පසුව, ඒවා භාවිතා කරමින් දුරකතන සන්නිවේදන සමාගම් අමතන හැකර්කරුවා, නියම හිමිකරු මෙන් පෙනී සිටිමින්, අලුත් සිම් පතක් ලබා ගන්නවා. එනම් නියම සිම් පත හිමිකරුගේ සිම් තොරතුරු සියල්ල හැකර්කරුවා ලබා ගන්නවා.

දුරකතන සන්නිවේදන සමාගම් ආරක්ෂිත උපා කෙතරම් යෙදුවද, ඒවා සියල්ල අතරින් රිංගා යාමේ උපා දියුණු කරගත් හැකර්කරුවෝ සිටිනවා. මෙසේ, සිම් පතක් හැකර්කරුවෙක් ගේ ග්‍රහණයට නතුව ඇති විට, ඔහු එය නිතර පාවිච්චි කරන්නේ නැහැ. එහෙත් පාවිච්චි කරන වේලාවට සැබෑ හිමිකරුගේ සිම්පත ක්‍රියාවිරහිත වෙනවා. එනිසා තමාගේ දුරකතන සම්බන්ධතාව නිතර නිතර බිඳ වැටේ නම් එවිට සිම් පත ස්වැප් කර ඇතැයි සැක කරන්න පුලුවන්.

සාමාන්‍යයෙන් දන්වන කාල පරාසවලට අමතරව නිතරම පාහේ වෙබ් පාස්වර්ඩ් වෙනස් කරන්නැයි දන්වමින් පණිවුඩ ලැබීම, සාමාන්‍යයෙන් උනන්දු මාතෘකා වලට නොව කිසිදු සම්බන්ධයක් නැති මාතෘකාවලට අදාළ සමාජ මාධ්‍ය පෝස්ට් ලැබීම, එකවුන්ට් වලට ලොග් වීමට උත්සාහ කර හෝ ලොග් වී ඇතැයි හෝ දන්වමින් පණිවුඩ ලැබීම, තමා නොදන්නා මුදල් හුවමාරු පිළිබඳ පණිවුඩ ලැබීම යනාදිය හොඳ ලක්ෂණ නෙවෙයි. මේවා එකකින් හෝ කීපයකින් හෝ පෙන්වන්නේ නම් සිම් පත වෙනත් අයෙකු ලබාගෙන තිබෙනවා.

මින් ආරක්ෂාවීමේ වගකීම මහජනයා අතද රැදී තිබෙනවා. මොබයිල් එකවුන්ට් සියල්ලටම පින් හෝ පාස්වර්ඩ් හෝ යොදාගැනීම, එස්එම්එස් පාදක කරගත් ප්‍රවේශ ක්‍රම වෙනුවට බැංකු සහ වෙනත් සේවා සපයන ඇප් වැනි ආරක්ෂිත උපා භාවිතා කිරීම මෙන්ම දුරකතන සන්නිවේදන සමාගමේ නිල ඇප් ඔස්සේ සිය දුරකතන සම්බන්ධතා ක්‍රියාකාරිත්වයේ වෙනසක් වේදැයි විමසිල්ලෙන් සිටීම යනාදිය, පූර්ව ආරක්ෂක පිළිවෙත් ලෙස හදුන්වන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...