Home Tutorials පරිගණක දාඩාංග පාඩාම් මාලාව අංක 1
Tutorials

පරිගණක දාඩාංග පාඩාම් මාලාව අංක 1

Share
blank
Share

පරිගණකයක් යනු

පරිගණකයක් යනු, ඊට ලබා දෙනු ලබන(input) දත්ත(data) සහ විධාන (commands) අනුව එම දත්ත සැකසුමකට ලක්කර (Process) තොරතුරු ලෙස ලබාදෙන(output) යන්ත්‍රයකි, මෙය අනෙකුත් යන්ත්‍ර වලින් වෙනස් වන අතර විශේෂ ලක්ෂණ බොහොමයක් තිබේ.

ඒවා නම්;
1.වේගය (Speed)
2.නිවැරදි බව (Accuracy)
3.පරිගණකයේ විෂය පථය ඉතාමත් පුළුල් වීම. (Scope Can be varied)
4.බුද්ධිමත් බව (Intelligent)
5.මතකයක් තිබීම (Memory)

  • වේගය
    වේගය යනු යම් කිසි මිනිසෙක් කිසියම් වෙලාවක් ගත කර කරන වැඩකටයුතු රාශියක් පරිගණකය ඉතා සුළු කාලයකදී ඉටු කර දෙයි.
    නිදසුනක් ලෙස, පුද්ගලයෙකු කිසියම් වෙලාවක් ගත කර කරන එකතු කිරීම් රාශියක් පරිගණකය ඉතාමත් කෙටි කාලයකින් සිදු කරයි.

 

  • නිවැරදි බව
    එනම් පරි ගණකය ආශ්‍රිතව කරන වැඩ කටයුතු ඉතාමත් නිවැරදි කර ගැනීමට පුළුවන් වීමයි. එනම් වැරදීමට ඇති හැකියාව ඉතාමත් අඩු වීමයි.
    නිදසුනක් ලෙස; යම් පුද්ගලයෙකු ගණිත කර්ම රාශියක් කරන විට ඒවා ඇතැම් අවස්ථා වල වැරදීමට පුළුවනි. නමුත් පරිගණකය විසින් සිදු කරන ගණිත කාර්තමත් නිවැරදිව කර ගැනීමට පුළුවන් වේ.

 

  • පරිගණකයේ විෂය පථය ඉතාමත් පුළුල් වීම.
    එනම් පරිගණකයට එකිනකට වෙනස් වැඩසටහන් රාශියක් කල හැකි වීමයි. පරිගණකය විසින් සිදුකරන වැඩ කටයුතු රාශියක් ඇත. අපට නොපෙනන වැඩසටහන් රාශියක් එක වර පරිගණකය සිදු කරයි. අප ඒවා හඳුන්වන්නේ Background Processing යනුවෙනි. ඊට අමතරව අප පරිගණකයේ එකවර වැඩසටහන් රාශියක් ධාවනය කර වැඩකටයුතු රාශියක් සිදු කරයි.
    නිදසුනක් ලෙස; පරිගණකය ආශ්‍රිතව කරන ග්‍රැෆික් ඩිසයින් වලදී Photoshop, Corel Draw, Illustrator, InDesign, Word වැනි වැඩසටහන් එකවර් ධාවනය කරයි. මෙමගින් ඉතා ඉක්මනින් හා ඉතා පහසුවෙන් වැඩසටහන් කීපයක් අතර වැඩ කල හැකි වේ.

 

  • බුද්ධිමත් බව
    පරිගණකය සමහර අවස්ථා වලදී තමන් විසින්ම තීරණ ගනු ලබනවා. එනම් “X” කියන දේ කරන්න, එසේ නැතිව මේ ආකාරයට මෙය සිදුව හොත් “Y” කියන දේ කරන්න. මේ ආකාරයට කලින් අප ලබා දුන් උපදෙස් වලට අනුව, පරිගණකය මෙය සිදුවිය යුත්තේ කුමන ආකාරයට දැයි තීරණය කරනු ලබන අතර, ඒ අනුව ක්‍රියා කරමින් ඉතා නිවැරදිව පිළිතුර ලබා දේ.
    නිදසුනක් ලෙස; ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්න අවස්ථාවක, අප සඳහන් කරන මුදල ගිණුමේ ඇතිනම් එම මුදල අපට ලබා දේ. එම මුදල ලබා ගැනීම සඳහා ගිණුමේ මුදල ප්‍රමාණවත් නොමැති අවස්ථාවක මුදල් ලබා නොදේ.
  • මතකයක් තිබීම
    පරිගණකට සුවිශේෂී වූ දෙයක් වන්නේ මතකයි. එනම් අනෙක් ඉලෙක්ට්‍රොනික් උපාංග වලට මතකයක් නොමැත. පරිගණකයට ඇති මතකය නිසා අපට ඕනෑම දෙයක් පසුව ප්‍රයෝජනයට ලබා ගැනීම සඳහා ගබඩා කර තැබිය හැකි වන්නේ මේ නිසාය.
    නිදසුනක් ලෙස; Video, MP3, Document, Picture, Application වැනි ගොනු නැවත භාවිතයට ගැනීම සඳහා ගබඩා කර තබා ගනී. ඒ සඳහා Hard Disk (HDD), SSD, Flash Drive වැනි උපාංග භාවිත කරයි.

පරිගණකයේ ප්‍රධාන කොටස්

පරිගණකයක් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කල හැකිය.

1.දෘඩාංග (Hardware)
2.මෘදුකාංග (Software)
3.පරිශීලකයා (Live ware)

Share
Written by
Asiri

Tech writer & designer - kuliyapitiya

3 Comments

Leave a Reply

Related Articles

කෘතීම බුද්ධිය (Artificial Intelligence) – පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 4

කෘතීම බුද්ධිය (Artificial Intelligence) මානව පරිණාමයේදී මානවයාගේ බුද්ධිය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත්...

පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 3

පරිගණක පරම්පරා (Computer Generation) First Generation (පළමු පරම්පරාව) (1951-1958) පරිගණක ඉතිහාසයේ පළමු...

පරිගණක ඉතිහාසය (History of Computer) – පරිගණක දෘඩාංග පාඩම් මාලාව 02

පරිගණක ඉතිහාසය (History of Computer) ආදිතම මිනිසා දඩයම් යුගයේ සිට එඩේර යුගය...

Photoshop Quick tips

Photoshop පාවිච්චි කරන අයට ඔයාල වැඩ කරන විදිහ තවත් ලේසි කරගන්න මේ...