Home Tech News ඉදිරියෙදි WhatsApp සහ Messages සදහාත් භාවිතා කලහැකි Gemini
Tech News

ඉදිරියෙදි WhatsApp සහ Messages සදහාත් භාවිතා කලහැකි Gemini

Share
blank
Share

Android දුරකතන වල දැන් තිබෙන Gemini AI assistant ට වඩා කලින් තිබුනු Google Assistant වැඩසටහන වඩාත් කාර්යක්ශමයි. Gemini මගින් කරගන්න අපහසු කාර්යයන් රැසක්ම අපට Google Assistant මගින් කරගැනීම පහසු උනා. විශේෂයෙන් third-party apps සමග එනම් Messages සහ Whatsapp සමග හොදින්ම වැඩ කලේ Google Assistant වැඩසටහනයි.

දැන් Google සමාගම Android දුරකතන වල Default AI assistant වැඩසටහන ලෙස Gemini යොදා තිබෙන නිසා එයත් Google assistant වැඩසටහනට වඩා කාර්යක්ෂම වෙන්න විවිධ විශේෂාංග එක්කරමින් සිටිනවා.

අලුත්ම අප්ඩේට් එකකින් Google සමාගම Gemini වෙත අලුත් extension තුනක් එක්කර තිබෙනවා. ඒ WhatsApp, Messages සහ Android Notification ලෙසයි. මෙය එක්කර කර තිබෙන්නෙ අලුත්ම Google app beta version 15.34.32.29.arm64 සංස්කරණය සමගයි. ඔබත් Google app beta version එකක් බාවිතා කරනවානන් දැන් ඔබට Gemini extension වෙත ගොස් මේවා සක්‍රීය කරගන්න පුලුවන්.

මෙහි WhatsApp extension එකෙන් ඔබට message යැවීමට, Gemini මගින්ම WhatsApp කෝල් ගැනීමටත් පුලුවන්. ඒවගේම Messages extension එකෙන් ඔබට පැමිනෙන messages, read loud පහසුකම යටතේ කියවගන්නත් පුලුවන්.

ඒවගේම Android notification extension එකෙන් ඔබට system notification කියවීමටත් ඒවා සාරාංශගත කරගැනීමටත් පුලුවන්. මෙම extensions දැනට සක්‍රීය කරගත හැකි උනත් තවමත් මේවා නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. පසුව අප්ඩේට් එකකින් මෙහි ස්තාවර සංස්කරණය Google සමාගමෙන් නිකුත් කරනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...