Home Tech News ChatGPT පරදා Anthropic සමාගමේ Claude 3.5 Sonnet ඉදිරියට
Tech News

ChatGPT පරදා Anthropic සමාගමේ Claude 3.5 Sonnet ඉදිරියට

Share
blank
Share

ChatGPT සහ Gemini කියන්නෙ ප්‍රසිද්ධ AI chatbot දෙකක්. මේ දෙකට අමතරව තවත් බොහොමයක් AI chatbot දැන් නිපදවල තියනව. ඒ අතර Anthropic කියන සමාගම AI ආශ්‍රිත නිර්මාන සදහාම 2021 වසරෙදි පිහිටවනු ලැබූවක්. ඉතින් මේ සමාගම නිර්මානය කරන AI chatbot තමයි Claude කියන්නෙ. මෙහි නවතම සංස්කරණය දැන් ඔවුන් නිකුත් කර තිබෙනව. නවතම වාර්තා වලින් දැක්වෙන විදියට මෙම Claude දැන් OpenAI සමාගමේ GTP-4o මොඩ්ල් එකටත් වඩා කාර්යක්ෂම බවයි දැනගන්න ලැබෙන්නෙ. මෙම Claude 3.5 Sonnet ලෙස නම් කර ඇති චැට්බොට් ඔවුන්ගේ මීටපෙර ඉදිරිපත් කල සංස්කරණ වන Claude 3 Haiku සහ Claude 3 Opus වල වැඩිදියුණු කරනලද සංස්කරණයයි.

මෙම නව සංස්කරණයෙ විශේෂයෙන් වැඩි දියුණුකළ පහසුකම් කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ අතර Claude 3.5 Sonnet මගින් උසස් ගැටලු විසඳීමේ හැකියාවන් පෙන්නුම් කරන අතර, වැඩි සංකීර්ණතා සහිත විමසුම් පවා හසුරුවා ගන්න පුලුවන්. ඒවගේම මෙම ආකෘතිය රූප ආදාන හොඳින් වටහා ගනිමින්, ඒවා සැකසීමේ හැකියාවද වැඩි දියුණු කර තිබෙනව. Sonnet විශාල දත්ත කට්ටලයක් මත පුහුණු කර ඇති අතර, පොදු දැනුම වැඩි සහ පුළුල් පරාසයක කාර්යයන් සඳහා සහාය වීමේ හැකියාව වැඩි වී තිබෙනවා. කෙටි කතා, ගීත සහ වෙනත් අන්තර්ගත නිර්මාණය කිරීමේ දී වඩාත් නිපුණතාවයක් සහිතව ප්‍රතිචාර දැක්වීමට පුලුවන්. ඒවගේම පරිශීලක දත්ත ආරක්ෂා කිරීමේ දී වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමත් සිදුවෙනවා.

Claude 3.5 Sonnet, විශේෂයෙන්ම තර්ක කිරීමේ සහ කාර්යය සම්පූර්ණ කිරීමේ ක්ෂේත්‍රවලදී ඔවුන්ගේ තරඟකරුවන් බොහෝ දෙනා පරදා ඇතැයි Anthropic සමාගම පවසා තිබෙනවා.

Claude 3.5 Sonnet යෙදුම භාවිතා කරන පරිශීලකයන්ට ඇති වාසි කිහිපයක් මෙසේය:

  1. විවිධ පද්ධති සමඟ ලේසියෙන් සම්බන්ධ කිරීමට හැකිවීම.
  2. කෙටි කාලයක් තුළ ඉක්මන් හා නිවැරදි පිළිතුරු ලබා දීම.
  3. භාෂාව සහ සංවේදී කාරකයන් හඳුනා ගෙන එයට සරිලන පිළිතුරු ලබා දීම.
  4. පරිශීලකයන්ගේ තනි අවශ්‍යතා සහ පෞද්ගලිකත්වයට සරිලන සේවාවන් සැපයීම.

Claude 3.5 Sonnet නව නිකුතුව සමඟ, Anthropic සමාගම වැඩි දියුණු කිරීම් සහ අලුත් නිකුතු සැලසුම් කරමින් සිටිනවා. ඉදිරි කාලයේදී තවදුරටත් නවෝත්පාදන සිදුකිරීමට යෝජනා කර ඇති අතර, පරිශීලකයන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් වන විශේෂාංග ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව එම සමාගම තවදුරටත් පවසා තිබෙනවා. Anthropic Claude 3.5 Sonnet මගින්, කෘතීම බුද්ධි තාක්ෂණය තුළ නව ආරම්භයක් සිදුකරමින්, පරිශීලකයන්ට නව හා වඩාත් ගුණාත්මක අත්දැකීම් ලබා දීමට අපේක්ෂා කරන බව දැක්වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...