Home Tech News Internet මිලියන 3ක් Device වලට ගිය Autolycos Android malware එක
InternetsoftwareTech NewsUpdates

මිලියන 3ක් Device වලට ගිය Autolycos Android malware එක

Share
blank
Share

Android Phone එකක් ආරක්ෂිතව පාවිච්චි කරන්න නම් – ලැබෙන උපදෙස් වලින් පළමු උපදෙස තමයි Google Play store එකෙන් පමණක් Apps Download කරගන්න කියන එක. නමුත් මෑත කාලයේ සිදුවීම් සහ නවතම Autolycos Malware සිදුවීමත් සමග මෙම උපදෙස ගැන නැවත වතාවක් හිතන්න වෙලා තියෙනව.

Google සමාගමේ Filter process එක තුලින් රිංගා යමින් Google playstore එකේ ජනප්‍රිය Apps 8ක් හරහා Devices මිලියන 3කට Download වෙන්න මේ නවතම autolycos malware එක සමත් වෙලා තියෙනව. මේ හරහා Infected device එක Premium subscription services වලට එකතු කිරීම සිදු කරල තියෙනව.

මෙම සොයාගැනීම සිදුකර තියෙන්නෙ Maxime Ingaro කියන පරියේෂකය විසින්. මේ ගැන සොයාගෙන ප්‍රසිද්ද කිරීමත් සමග Google සමාගම මේ App 8ම play store එකෙන් ඉවත් කරන්න කටයුතු කරත් ඒ සදහා මාස 6කට ආසන්න කාලයක් ගතවීම හරහා විශාල Devices ගණනක් infect වීම සිදුව තිබෙනව. මෙම Attack එක මිලියන තුනක් දක්වා විශාල ප්‍රමාණයක පැතිරෙන්න හේතුව වන්නෙ මෙම infected Apps Social Media Marketing හරහා Boost කර විශාල පුද්ගලයන් පිරිසකගේ අවධානය මේ සදහා යොමු කරගැන්මට ක්‍රියා කර තිබීමයි.

මෙමApp එකක් install කරගත් විට එයින් අදාල Device එකේ SMS Read කිරීම සහ තවත් Permission ලබාගන්නා අතර මේ තුලින් ඔබට ලැබෙන OTP එකක් කියවීමට හැකි තත්වයට පත්වීම නිසා ඔබව පහසුවෙන්ම ඔබේ අනුදැනුමින් තොරවම Premium Subscription service වලට එකතු කරන්න කටයුතු කරනව. දැනටමත් පහත Apps ඔබගේ Device එකට install කරගෙන ඇත්ද යන්න ගැන සොයාබලන්න. infect වූ Devices මිලියන 3කින් මෙය ඉවත් කිරීම කරන්න පුළුවන් වෙන්නෙ පරිශීලකයට පමණයි.

  • Vlog Star Video Editor (com.vlog.star.video.editor, 1 million downloads)
  • Creative 3D Launcher (app.launcher.creative3d, 1 million downloads)
  • Wow Beauty Camera (com.wowbeauty.camera, 100,000 downloads)
  • Gif Emoji Keyboard (com.gif.emoji.keyboard, 100,000 downloads)
  • Razer Keyboard & Theme (com.razer.keyboards, 10,000 downloads, not related to the gaming/tech company Razer)
  • Freeglow Camera 1.0.0 (com.glow.camera.open, 5,000 downloads)
  • Coco Camera v1.1 (com.toomore.cool.camera, 1,000 downloads)
Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...