Home Tech News Phones AMD සමගින් පොර පිටියට එන SAMSUNG
PhonesTech News

AMD සමගින් පොර පිටියට එන SAMSUNG

Share
blank
Share

Samsung එක්ක AMD Radeon Graphics එකතු වෙලා දැනටමත් වැඩකරන මට්ටමේ Chips නිෂ්පාදනය කරන්න පටන් අරගෙන කියල වාර්ථා වෙනව.

Samsung සමාගමේ Exynos Chip තුල භාවිතා වෙච්ච Mali Mobile GPU එක වෙනුවට AMD සමාගමේ Radeon GPU එකේ Mobile Version එකක් යොදාගෙන 2021 දි Phone වලට අරන් එන්න සූදානම් වෙනව කියල 2019දි අපට දැනගන්න ලැබුන.

Adreno වලට වගේම Apple GPU වලටත් තරගයක් දෙන්න තමා දැන් Samsung ලා ලක ලැස්ති වෙන්නේ. ඒ තමා Samsung ලා විසින් 2021 දි Mali GPU වලින් ඉවත් වෙලා AMD GPU සමග එයාලාගේ Device එලි දක්වන බව. Samsung-AMD collaboration මේ කරුනු මුලින්ම එලියට දුන්නේ AMD CEO Lisa Su විසින්. AMD ලා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම් PC Gamers ලා නම් හොදටම දන්නවා Intel වලට යන එනමක් නැති කරමින් AMD ලා ගහන සුපිරිම ගේම. ඒ නිසා AMD ගැන අලුතෙන් හදුන්වා දෙන්න යන්නේ නැ.

කරුනු කාරනා ඔහොම වෙද්දී Qualcomm සහ AMD ලා එයාලාගේ දැනට පවතින හොදම GPU වල Early Test වගයක් කරලා ත්බෙනවා High Performance Benchmark Test කරන්න ඉතින් ඔහොම කරපු පලවෙනි Test එකෙදිම AMD GPU එක සමත් වෙලා තිබෙනවා Qualcomm Adreno 650 GPU එක Frame Rates වලින් පරදවන්න. AMD සහා Samsung ලා පවසන ආකාරයට ඔවුන්ගේ පලවෙනි AMD GPU එක තවමත් Test මට්ටමේ පවතින බවත් මේ දවස් වල Optimizing වලට වැඩි අවදානයක් යොමු කරන බවත් සදහන් කර තිබෙනවා. Early Test වලට වඩා Release වෙන්න ලං වෙනකොට ගොඩක් Optimize වෙලා තමා SOC එකක් හෝ GPU එකක් පැමිනෙන්නේ. අපිට මෙතනදි පෙන්නුම් කරන්නේ මේ GPU එකේ උපරිමය නෙමේ. අනිවාරෙන් මීට එහා ගිය සුපිරි Result එකක් අපිට ඉස්සරහදි තවත් බලා ගන්න පුලුවන් වෙයි. ඒ ගැන තොරතුරු ලැබුන විගස දැන්වත් කරන්නම්.

Share
Written by
Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...