PC සෙනෙහස අපේ පුංචිම පුංචි අදහසක්. අපට පුංචි හරි පරිගණකයක් Phone එකක් තිබුනට තවත් කෙනෙකුට ඒ වගේ දෙයක් හීනයක් වෙන්න පුළුවන්. PC සෙනෙහස කියන්නෙ ඔබ ඉවත් කරන / කරල තියෙන Keyboard / Mouse වගේ දෙයක ඉදල, වැඩක් කරගන්න පුළුවන් තත්වයේ තියෙන PC එකක් Laptop එකක් Phone එකක් වගේ දෙයක් ඒ අවශ්‍යතාවය තියෙන කෙනෙකුට ලබාදෙන්න අපි නිර්මාණය කරපු අත්වැලක්.

වැඩසටහන ක්‍රියාත්මක වන හැටි – How it Works

මේ අත්වැල දැඩිම අවශ්‍යතාවයක් තිබෙන අය විතරක් පාවිච්චි කරන්න කියන පණිවඩය මුලින්ම ලබාදිය යුතුයි.

Get Your Site Up with A2 Hosting
  1. ඔයාට දැනට තිබෙන අවශ්‍යතාවය ගැන අපට මෙන්න මේ Form එක පුරවල එවන්න.
  2. ඒ දත්ත – ඔයාගෙ පෞද්ගලිකත්වයට හානි නොවන විදිහට මෙහි පහතින් පලකරනව.
  3. එම උපකරණය ලබාදෙන්න කැමැත්ත පළ කරන කෙනෙකුට පුළුවන් අපට මේ Form එක හරහා සම්බන්ධ වෙලා තොරතුරු ලබාගන්න
  4. නැත්නම් ඔයා ගාව වැඩිපුර තියෙන පාවිච්චි නොවන දෙයක් ගැන අපව දැනවුත් කරන්න.
  5. මේ හරහා පරිත්‍යාගශීලියාට කෙලින්ම අවශ්‍යතාවය ඇති කෙනා එක්ක සම්බන්ධ වෙලා මේක ලබා දෙන්න පුළුවන්.
  6. අපි සිදු කරන්නෙ අවශ්‍ය Platform එකක් හරහා සියළු දෙනා සම්බන්ධ කිරීම විතරයි.

නැවතත් කාරුනිකව මතක් කරන්න ඕන, කපටිකමින් කෙනෙක් රවට්ටල දෙයක් ලබාගන්න පහත් තත්වයකට වැටෙන්න එපා. අවශ්‍යතාවය ඇත්තටම තියෙන අය පමණක් මෙය භාවිතා කරල – ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් ලබාගන්න. ඒ දේ අළුත්ම දෙයක් නොවෙන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ තියෙන පරණ උපකරණයක් වෙනනත් පුළුවන්.