Home Tech News software Microsoft Hack වෙලාද?
softwareTech NewsUpdates

Microsoft Hack වෙලාද?

Share
blank
Share

Nvidia සහ Samsung ආයතන Hack කල LAPSUS$ Hacker Group ඒක විසින් ඔවුන්ගේ telegram Group එකේ පළ කල Screenshot එකක් නිසා Microsoft ආයතනය ඔවුන්ගේ නවතම ඉලකක්ය බවට පත්ව ඇති බවට සැක පලවෙනවා.

lapsus$ posted this on thier telegram
Lapsus$ Telegram Group ඒකේ පලකල screenshot එක

Lapsus$ Group එක විසින් පවත්වාගෙන යන Telegram Chat Group එකට Microsoft Azure Internal Source Code Repositories for Cortana & Bing පෙන්වන Screenshot එකක් Post කල අතර පසුව මෙය Group Admin කෙනෙක් විසින් ඉවත් කර – “Deleted for now, will post later” වැඩි විස්තර සමග පසුව Post කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීම සමගම ඔවුන්ගේ මීලග ඉලක්කය Microsoft ආයතනය බවට බොහෝ දෙනා මත පල කරනව.

2022 මාර්තු මස මුලදී LAPSUS$ Group ඒක විසින් විවිධ IT සමාගම් වල සේවයේ නියුතු අයට ඔවුන් හා එක්වන ලෙස ඇරයුම් කල අතර අදාල insiders ලාගෙන් බලාපොරොත්තු වූයේ අදාල ආයතන වලට සම්බන්ධ වීමට අවශ්‍ය VPN ‌හෝ CITRIX තොරතුරු පමණක් ලබාදීම සෑහෙන බවයි. මෙම සමාගම් ලයිස්තුවේ මුලින්ම Microsoft ආයතනයද ඇතුලත්ව තිබීම නිසා මෙම සැකය තවදුරටත් තහවුරු වෙනවා.

මේ ගැන ප්‍රකාශයක් නිකුත් කල microsoft සමාගම කියා සිටියේ ඔවුන් මෙම තොරතුරු ගැන දැනුවත් බවත් එය තහවුරු කරගැනීමට මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ වී ඇති බවයි. මේ සමගම Tech Companies hacker ප්‍රහාරවලට ලක්වීම වැඩිවෙන ආකාරයක් සහ ආයතන තුලින්ම අවශ්‍ය කරන තොරතුරු ලබාගැනීමට Hacker Groups ක්‍රියාකරන ආකාරයත් දැකගැනීමට හැකියි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...