Home Tech News Hyper Threading HT කියන්නෙ මොකක්ද?
Tech News

Hyper Threading HT කියන්නෙ මොකක්ද?

Share
blank
Share

Computer එකක් ගන්න ගියාම, ඒ ගැන කතා කරද්දි, ගොඩක් වෙලාවට ඇහෙන දෙයක් තමයි Hyper Threading (හයිපර් ත්‍රෙඩිං) කියන්නෙ. මේ intel සමාගම තමන්ගෙ CPU වල කාර්යක්ෂමතාවය වැඩි කරන්න හදුන්වා දීපු තාක්ෂණයක්.

සාමානයෙන් CPU එකක් කරන්නෙ තමන්ට ලැබෙන දත්ත සහ විධාන යම් ක්‍රියාවලියක් තුලින් තොරතුරු විදිහට සැකසීමයි. මේ ක්‍රියාව කාර්යක්ෂමව කරන්න නම් CPU එකට නියමිත වේගයකින්  මේ Data & Instructions ලබාදෙන්න ඕන. ඒත් හැම වෙලේම මේ විදිහට නිවැරදි දත්ත ලැබෙන්නෙ නැහැ. ඒ වගේම System එකේ අනෙක් කොටස් (RAM, HDD) වගේ ඒව නිසා ඇතිවන Bottle necks නිසාත් මේ විදිහට නියමිත වේගයෙන් තොරතුරු ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන්.

මේ වගේ උනාම CPU එකේ උපරිම කාර්යක්ෂමතාවයක් ගන්න බැරිවෙනව. මේ ප්‍රශ්නෙට විසදුමක් විදිහට තමයි HT ඒ කියන්නෙ Hyper threading කියන තාක්ෂණය හදුන්වා දුන්නෙ. මෙතනදි සරලවම වෙන්නෙ CPU එකට දත්ත සහ විධාන ගෙනියන මාර්ග 2ක් නිර්මාණය වෙන එකයි. මේ නිසා වැරදි දත්ත නැත්නම් දත්ත එවන්න ප්‍රමාදවීම් වගේ දේවල් නිසා ඇතිවෙන කාර්යක්ෂමතාව පහල යාම නැතිවෙනව.

Hyper Threading කියන්නෙ මෙන්න මේ වගේ CPU එකට දත්ත අරන් යන කාරයක්ෂමතාවය වැඩිකරන trick එකක් විතරයි. Hyper Threading වලින් CPU performance double වෙන්නෙ නැත්තෙ මේ නිසයි. HT තාක්ෂණයත් එක්ක CPU එකක performance 10% 15%ක් වගේ වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා HT නැති CPU එකකට වඩා තියෙන CPU එකක් හැමවෙලේම හොද තේරීමක්.

මොකද මෙහෙයුම් පද්ධතියෙන් (Operating System) මේ Logical Processor දෙකටම දත්ත එවන නිසා. මේ ගැන පැහැදිලි කරන Video එකත් බලන්න අමතක කරන්න එපා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...