Press ESC to close

USB ගැන නොදත් දේවල්

Universal Serial Bus එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න USB කියන්නෙ පරිගණක සහ අනෙකුත් Electronic උපකරණ වල දත්ත හුවමාරු කරගන්න වගේම උපකරණ එකිනෙකට සම්න්බන්ධ කරන්න සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි වෙන port එකක්.

USB සම්මතය හදුන්වාදෙන්න ප්‍රධාන හේතුව උනේ එක එක උපකරණ පරිගණක පද්ධතියකට සම්බන්ධ කරන්න වෙන වෙනම Ports විශාල ප්‍රමාණයක් තිබීම අඩු කරල සම්මත එක port එකක් හදුන්වා දීමයි. තාක්ෂණික ලෝකයේ ප්‍රධාන සමාගම් 7ක් එකතුවෙලා හදාගත්ත සම්මතයන්ට අනුව තමයි USB standard එක නිර්මාණය වෙන්නෙ. එදා මෙදා තුර ඉදිරිපත් වෙච්ච හැම USB සම්මතයක්ම මේ සමාගම් මගින් එකතු වෙලා නිර්මාණය වුන USB-IF සංවිධානය මගින් ඉදිරිපත් කරනව වගේම ලෝකයේ හැම නිෂ්පාදකයෙක්ම මේ සම්මත අනුව තමන්ගෙ USB උපකරණ නිපදවනව.

Get Your Site Up with A2 Hosting

1998දි හදුන්වා දුන් USB 1.1 සම්මතය එවක පරිගණක ලෝකය පුරාම ජනප්‍රිය Port එකක් ලෙස භාවිතා වීමත් සමග මේ ලිපිය ලියන 2018 දක්වා ගතවූ අවුරුදු 20ක කාලය තුල USB සම්මතය වැඩිදියුණු වෙමින් පරිගණක සහ Electrnic උපකරණ ලෝකයේ දත්ත හුවමාරු උපාංග සම්බන්ද කිරීමේ ප්‍රධාන port එක බවට පත්වෙලා අවසන්.

USB 3.0 සම්මතය නිකුත වෙන්නෙ 2008 වසරේදීයි. තත්පරයට ගිගාබිට් 5ක් (5Gbps) උපරිම වේගයක් සමග එකෙන් නිකුත්ව තිබූ USB 2 සම්මතයට වඩා ඉතාමත් වැඩි දත්ත හුවමාරු වේගයක් සහ උපාංග වලට වැඩි විදුලි බලයක් රැගෙන යාමට නව USB 3.0 සම්මතයට පුලුවන් උනා. 2013දී මේ වේගය 10Gbps දක්වා වැඩිකරමින් USB3.1 සම්මතය හදුන්වා දෙන්න USB-IF සංවිධානයට පුලුවන් උනා.

GenerationMax Transfer SpeedPower
112 Mbps (1.5MBps)
1.112 Mbps
2.0480 Mbps2.5W
3.05 Gbps4.5W
3.110 Gbps100W

මේ USB 3.0 සහ USB 3.1 සම්මත දෙක USB-IF සංවිධානය විසින් නව නම් කිරීමක් යටතට ගෙන ඒමත් එක්ක

  • USB 3.0 – 5Gbps සම්මතය – USB 3.1 Gen 1 විදිහටත්
  • USB 3.1 – 10Gbps සම්මතය – USB 3.1 Gen 2 විදිහටත් හදුන්වන්න තීරණය වෙනව.

මේ නිසා තමයි අලුත් උපාංග / උපකරණ වල එන USB ports  Gen1 Gen2 විදිහට නම් වෙන්නෙ.

USB Type A සහ Type C

USB port එක නිපදවෙන්නෙ එක පැත්තකට විතරක් සම්බන්ධ කරන්න පුලුවන් backward compatible (තාමත් පරණ USB උපකරනයක් උනත් අලුත් port එකකට සම්බන්ධ කරන්න පුලුවන්) විදිහට. මේ USB ports Type A විදිහට හදුන්වනව.

මෑතකදි හදුන්වල දුන්න USB Type C connector එක ඕනම පැත්තකට සම්බන්ධ කරන්න පුලුවන් විදිහට ප්‍රමාණයෙන් කුඩා කරල වැඩි බලයක් වැඩි දත්ත හුවමාරුවක් කරන්න පුලුවන් විදිහටයි නිර්මාණය කරල තියෙන්නෙ. මෙතනදි අවධානය යොමු කරන්න ඕන දේ තමයි USB Type-C Gen 2 port එකකට 10Gbps හැකියාවක් තිබුනත් USB Type-C Gen1 port එකකට හුවමාරු කරගන්න පුලුවන් වෙන්නෙ 5Gbps උපරිම වේගයක් විතරයි කියන එකයි.

 

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (6)

Your email address will not be published. Required fields are marked *