Press ESC to close

Toilet එකටත් වඩා අපිරිසිදු smart phone screen එක!

commode seat එකකට වඩා ඔයාගෙ smart phone screen එකේ විශබීජ තියෙනව කියල විස්වාස කරනවද? UK වල ලගදි කරපු සමීක්ෂණයක ප්‍රතිපල අනුව මේ කතාව ඇත්ත. සනීපාරක්ෂක කටයුතු වලට විතරක් පාවිච්චි කරන Toilet එකයි, තැනක් නොතැනත් නැතුව කන ගමන්, බස් එකේ යන ගමන් සමහර අය toilet යන ගමන් පවා පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න Smart phone එකයි ගත්තම වැඩිම විසබීජ ප්‍රමාණයකට නිරාවරණය වෙන්නෙ මොකක්ද කියල ඔයාට තේරෙනව ඇති.

Get Your Site Up with A2 Hosting

මේ සමීක්ෂණයෙදි සපත්තු අඩියක්, toilet seat එකක් සහ phone screen එකක් අතර තමයි මේ සැසදීම කරේ. වැඩිම විසබීජ, බැක්ටීරියා තිබුනෙ Phone screen එකෙයි. මේකට හේතුව විදියට සමීක්ෂකයො පෙන්වල දුන්නෙ තෙතමනය සහිත උණුසුම් පරිසරයක වැඩෙන්න කැමති bacteria, fungi වලට හැමවෙලේම සාක්කු වල, අතේ එහෙමත් නැත්නම් bag එකක් වගේ උනුසුම් තැන් වල තියෙන phone එක හොද breeding ground එකක් වෙනව කියලයි.

හැමවෙලේම මූණට තද කරගන්න Smart phone එක Call එකකදි දෙපාරක් හිතන්නෙ නැතුවම තව කෙනෙක් අතට දෙන්නත් අපි පුරුදුවෙලා ඉන්නව. උඩින් තිබුන images වල තියෙන්නෙ screen කීපයක තිබ්බ මේ විසබීජ වල තත්වයයි. ඉතින් මේ ගැන කරන්න පුලුවන් මොනාද?

  • සතියකට වතාවක්වත් Phone එක සුද්ද කරන්න පුරුදු වෙන්න. Baby colonge ටිකක් Tissue එකකට අරගෙන හොදට screen එක පිහදාන එක හොද ආරම්භයක්.
  • තව කෙනෙකුට phone එක දුන්නට පස්සෙ, එහෙමත් නැත්නම් වෙන කෙනෙක් phone එක පාවිච්චි කරාට පස්සෙ phone screen එක තමන්ගෙ ඇදුමෙන් හරි පිහිදාන්න.
  • කන ගමන් phone එක පාවිච්චි කරන එක අඩු කරන්න, දැන් ඔයාට මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

Keyboard Mouse අයිති වෙන්නෙත් මේ category එකටමයි.

Computer එකක input Device වෙ Keyboard, Mouse වලට කියන්න තියෙන්නෙත් මේ ටිකමයි. ගෙදර Office එකේ මේ devices පාවිච්චි කරන්නෙ එක්කෙනෙක් නෙමෙයි. ඒ වගේම කලින් කිව්ව වගේ කන බොන ගමන් පවා අපිරිසුදු අත්වලිනුත් අපි මේව පාවිච්චි කරනව. ඉතින් ඔයාට මේ වෙනකන් ලෙඩක් හැදිල නැති උනත් ලෙඩක් හැදෙන්න පාර කපන්න පුලුවන් Keyboard & Mouse එක සුද්ද කරන්න අද හොද දවසක්!

 

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply to sam boy Cancel reply

Your email address will not be published. Required fields are marked *