Contact Information

WhatsApp Us

Prolink Furax Gaming Mouse

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Unboxing package එක

Box එක ඇතුලෙ තියෙන්නෙ mouse එකයි user manual booklet එකයි විතරයි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Design එක

සාමාන්‍ය mouse එකකට වඩා ටිකක් විශාල Furax gaming mouse එක නිපදවල තියෙන්නෙ දකුණු අතින් හසුරුවන විදිහටයි. Left & right click එකට අමතරව web browsing up down button තියෙන්නෙ mouse එකේ වම් පැත්තෙන්. ඒ වගේම use කරන්න පහසු ඒත් අකට දැනෙන සාමානය බරක් තියෙනව. ලිස්සන්නෙ නැති matte black rubber coating එකක් තියෙන mouse එක අතට හරිම පහසුයි. Colors 7කට පාට මාරුවෙන LED එකක් mouse එක ඇතුලෙ තියෙනව. DPI එක මාරු කරන්න පුලුවන් button එක scroll wheel එකට පස්සෙ තියෙනව. එක් එක් Dpi mode එකත් එක්ක mouse එකේ sensitivity එක වෙනස් වීම හොදින් දැනෙනව.

Build quality

Mouse එක සාමානයෙන් දිගු කාලයක් පාවිච්චි කරනකොට අතට තද බවක් දැනෙන්නෙ නැහැ. නමුත් buttons වල travel එක ටිකක් වැඩියි.clicking sound එක නම් අනික් සද්දවලට වඩා ඇහෙනව. ඔයාගෙ අත පොඩි නම් මේ mouse එක use කරන්න ටිකක් විතර අමාරු වෙයි.
Mouse එකේ wire එක ඉතාමත් හොදින් නිමා කරල තියෙනව, ඒ වගේම electric signal distortion නැති කරන්න VGA cable වල තියෙන ferrite පබලු මේ code එකෙත් තියෙනව.

Experience
සාමානය mouse එකක් එක්ක ගත්තම Prolink furax කියන්නෙ සුපිරිම gaming mouse එකක් නෙමෙයි. මේකෙ website up & down button gaming වලදි program කරගන්න පුලුවන්. mouse button 3, 4 විදිහට පෙන්වන මේ buttons, reload, melee වගේ Action වලට Assign කරගන්න පුලුවන්. මාරු වෙන LED colors ඔයාට ඕන විදිහට control කරන්න බැරි උනත් mouse එකේ functionality එකට ඒකෙන් බාධාවක් නැහැත නමුත් සමහර කෙනෙක්ට මේක control කරන්න අවශ්‍ය වෙන්න පුලුවන්.මේ දේවල් ඇරුනම සාමානය gaming mouse එකක් විදිහට පාවිච්චි කරන්න Prolink Furax හොදයි.

මිල
දැනට රු 1000 – 1500 අතර මිලකට මේ mouse එක මිලට ගන්න පුලුවන්.
මේ ගැන අදහස්, යෝජනා, චෝදනා තියෙනවනම් අපේ facebook page එකට message එකක් එවන්න. නැත්නම් පහලින් comment කරන්න.

Share:

1 Comment

  • Kavi, February 6, 2017 @ 10:18 pm Reply

    මේක ගන්න තියෙන්නෙ කොහෙන්ද?

Leave a Reply to Kavi Cancel reply

Your email address will not be published. Required fields are marked *