Contact Information

WhatsApp Us

8th Build එකට ගැලපෙන Motherboard chipset එක තෝරන හැටි

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

intel සමාගම එයාලගෙ 8th gen motherboard chipset series එකම මේ වෙනකොට නිකුත් කරල තියෙනව. 8th gen build එකක් කරද්දි තිබුන එකම option එක වෙච්ච Z370 කියන Chipset එකට එකතුවෙන මේ අලුත් chipsets, එක එක build කරන අයට ගැලපෙන විදිහට විවිධ features සහ මිල ගණන් වලින් ගන්න දැන් පහසුකම් තියෙනව.

අලුතින් නිකුත් කරල තියෙන Chipset වෙන H370 / B360 සහ H310 එක්ක සම්පූර්ණ 8th gen chipsets ගණන 4ක් වෙනව. මෙතනදි අපිට දකින්න ලැබෙන විශේෂත්වය තමයි මීට කලින් ආපු 7th gen series එකේ තිබුනෙ නැති (හැබැයි 6th gen එකේ තිබුන) H310 කියන budget category එක නැවත හදුන්වා දී තිබීම.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

පහත වගුවෙන් මේ එක එක chipsets වල ගුණාංග ගැන පැහැදිලිව බලාගන්න පුලුවන්.

featureZ 370H 370B360H 310
OverclockingYesNoNoNo
PCI E Configuration1x16 | 2x18
1x8 + 2x4
1x161x161x16
PCI E 3 lanes2420126 (PCI E 2)
independant Display ports3/33/33/33/2
Memory Channels2/22/22/22/1
intel Wireless AC (CNVi)NoYesYesYes
intel optane memory supportYesYesYesNo
High Speed I/O Llanes30302414
USB / USB 3.114 / 1014 / 812 / 610 / 4
SATA ports6664
intel Rapid StorageYesXYesYesNo
intel SATA RAIDYesYesNoNo
ඔයාගෙ Build එකට තෝරගන්නෙ මොන Chipset එකද?

Z370 chipsets

මේ chipset එක තමයි Overclocking සහ වැඩි PCI E Lanes, USB ports වගේ හැම Feature එකක්ම උපරිමව තියෙන premium එහෙමත් නැත්නම් Gold standard chipset එක. ඒ වගේම Dual graphic Cards / SLI කරන්න පුලුවන් native support තියෙන එකම Chipset එකත් මේකයි. හැබැයි දැන් එන්න එන්නම Dual  විශේෂයෙන්ම Overcloking support කරන k series CPU එකක් එක්ක build එකක් කරනවනම් මේ Board එක තමයි ගන්න සුදුසුම.

H370

Overclocking පහසුකම සහ Dual graphic card support එක chipset එකෙන්ම එකතු කරල නැති උනාට Video editing, Gaming, Professional setup වලට ගන්න සුදුසු board එකක්. මෙතනදි නැති වෙන එකම දේ Overclokcing support එකයි.

B360

හැම කෙනෙකුටම වගේ ගැලපෙන Overclocking නැති Chipset එකක් විදිහට B360 series එක හදුන්වන්න පුලුවන්.

H310

office එහෙමත් නැත්නම් Basic builds වලට විතරක් ගන්න ගැලපෙන Board එකක් තමයි H310 කියන්නෙ. මේකෙදි නැතිවෙන features අතරට

  • අනික් chipsets වල තියෙන PCI E 3 lanes වෙනුවට PCI E 2 lanes 6ක් විතරක් තිබීම
  • optane memory support එක නැතිවීම
  • USB ports ගණන අඩුවීම
  • SATA ports ගණන 4ක් වීම
  • සහ තවත් intel options ගණනක් නැතිවීම පෙන්වන්න පුලුවන්.

මේ Chipsets තියෙන motherboards Asus | Gygabyte | MSI වගේ හැම brand එකකින්ම ලගදිම ලංකාවෙදි ලබාගන්න පුලුවන් වෙයි.

ඔයගේ Motherboard brand එක මොකක්ද?

Share:

5 Comments

  • MSI H310M PRO VDH Motherboard Unboxing – Pcguide.lk, May 4, 2018 @ 2:53 pm Reply

    […] MSI H310M PRO VDH motherboard එක Basic board එකක් උනත් මේකෙ MSI සමාගමෙන් එකතු කරල තියෙන Features සහ expansion වලින් ගත්තම basic budget build එකකට වගේම 8th gen Gaming build එකකට උනත් පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න. […]

  • MSI B360M PRO VDH Motherboard Unboxing – Pcguide.lk, May 19, 2018 @ 6:02 am Reply

    […] MSI B360M PRO VDH motherboard එක 8th gen build වලට ගන්න පුලුවන් balanced features තියෙන Motherboard එකක්. SSD / HDD වගේම M2 පහසුකම් තියෙන මේ Board එකට HDD / SDD 6ක උපරිමයක් දක්වා යන්න හැකියාව තියෙනව.  ඒ වගේම MSI සමාගමෙන් එකතු කරල තියෙන EZ debug වගේ Features ගත්තම General build එකකට පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න. […]

  • Manoj Priyankara, August 20, 2018 @ 12:52 pm Reply

    Asus h310 ta wada msi h310 hodaida e kiynne..

    • Pcguide, August 20, 2018 @ 8:06 pm Reply

      Brand eka prashnayak kragannepa. onema brand ekak hondai. oyage gaanata hondama features tyena board eka ganna

  • Lakshan, October 6, 2018 @ 6:46 am Reply

    Msi H370 motherboard ekk kiyk wenwda?

Leave a Reply to MSI B360M PRO VDH Motherboard Unboxing – Pcguide.lk Cancel reply

Your email address will not be published. Required fields are marked *