Contact Information

WhatsApp Us

Windows 10 install කරන හැටි

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Windows installකරගන්න හැටි ගැන පියවරෙන් පියවර මේ ලිපියෙන් විස්තර වෙනව. මේ ලිපිය අවශ්‍ය නම් bookmark කරගන්න, නැත්නම් දකුණු පැත්තෙ උඩින් තියෙන Search එකෙන් install Windows කියල Search කරන්නත් පුලුවන්.

Windows 10 install කරගන්න නම් ඔයාට Windows installation Media එකක් ඒ කියන්නෙ DVD එකක් හරි USB එකක් හරි අවශ්‍ය වෙනව. මේක පහසුවෙන්ම microsoft site එකේ මේ link එක හරහා download කරගන්න පුලුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ link එකෙන් download වෙන්නෙ tool එකක්. මේක හරහා කෙලින්ම Windows image එකක් DVD එකකට එහෙමත් නැත්නම් Bootable USB stick එකක් විදිහට හදාගන්න පහසුකම් තියෙනව. පහතින් දැක්වෙන විදිහට ඔයාලට අවශ්‍ය කරන Image එක මේ විදිහට ලබාගන්න පුලුවන්.

මේ විදිහට Installation Media එක හදාගත්තට පස්සෙ Windows install කරන්න අවශ්‍ය PC එකේ BIOS වලින් Boot device order එක වෙනස් කරගන්න ඕන වෙනව. මේක  DVD එකෙන් නම් DVD drive එක මුලින්ම විදිහටත් USB drive එකක් නම් USB drive එක Boot order එකේ මුලට එන විදිහටත් හදාගන්න අවශ්‍ය වෙනව. මේකට PC එක on වෙද්දිම “delete” “F2” “F10” වගේ key හරහා Setup එකට ගිහින් කරන්න පුලුවන්. මේක ඔයාලගෙ System Bootup එකේදි Screen එකේ පෙන්නනව.

මේ විදිහට Boot order එක හදාගත්තට පස්සෙ Windows DVD / USB එක හරහා System එක boot කරගන්න. මේකෙදි එන පලවෙනි Dialog Box එකෙන් මෙතනින් ඉදිරියට Installation process එක කරගෙන යන්න අවශ්‍ය කරන Settings ටික අහනව. මේකෙදි මේ තියෙන Settings දීල Ok කරන්න. මේව අවශ්‍ය නම් පස්සෙ Control panel එකෙනුත් අපට වෙනස් කරන්න පුලුවන්.

ඔයා pcguide.lk එකට

මීලගට අපේ Windows licence key එකක් තියෙනව නම් ඒක දෙන්න පුලුවන්. license Key එකක් නැතුවත් Windows install කරන්න පුලුවන්. මේ විදිහට trial version එකක් install කලොත් දවස් 30ක් ඒක පාවිච්චි කරන්න පුලුවන්.

මිලගට මේ Windows installation එක කරන්නෙ තියෙන Version එකක් Upgrade කරන්නද නැත්නම් අපට අවශ්‍ය විදිහට අලුතින් install කරන්නද කියන Dialog Box එක එනව. මෙතනදි අපි තෝරගන්න ඕන දෙවෙනි option එක.

මේකෙන් පස්සෙ අපට තියෙන ඒ වගේම මේ instalaltion process එකේ තියෙන වැදගත්ම කොටස වෙන්නෙ Hard disk partition කරන එකයි. මෙතනදි ඔයාගෙ Hard Drive එක 1TB / 2TB වගේ නම් ඒකෙන් 100 GB / 200GB වගේ ඉඩක් C Drive එකට ගන්න පුලුවන්. මේක Windows සහ අනෙක් Software install කරන්න තියාගන්න. games වගේ දේවල් වෙනම install කරන්න. 2018 වෙද්දි  C Drive එකට 200GB වගේ ඉඩක් තියන එක හොදයි. ඒ වගේම SSD / M2 එකක් නම් ඒ මුලු Space එකම C drive එකට හදාගන්න.

මෙතනදි ඔයාගෙ අලුත් HDD එක පෙන්න්නෙ unallocated Space විදිහට, මේක select කරල පහලි තියෙන option වලින් new යටතේ අවශ්‍ය කරන size එක දීල apply කරන්න. මෙතනදි C Drive එක වගේම තවත් partition 2ක් විතර හැදෙනවත මේව System partition විදිහට Windows වලින් පාවිච්චි කරන්න තමයි හදාගන්නෙ. C drive එක හදාගත්තට පස්සෙ අනෙක් partition මේ වගේම හදන්න පුලුවන් වගේම ඕන නම් Windows installකරාට පස්සෙත් හදාගන්න පුලුවන්.

මේ විදිහට Partitions වෙන්කරගත්තට පස්සෙ Windwos installation process එකට සාමානයෙන් විනාඩි 20 – 40ක් වගේ කාලයක් ගතවෙනව ඔයාග‍ෙ PC එකේ Speed එක අනුව.  මෙතනින් පස්සෙ තියෙන Settings ඔයාගෙ කැමැත්ත අනුව හදාගන්න.

Windows install කරගන්න මේ ලිපිය වැදගත් උනාද?
Share:

12 Comments

  • Sujith, May 21, 2018 @ 9:08 am Reply

    “මෙතනදි ඔයාගෙ අලුත් HDD එක පෙන්න්නෙ unallocated Space විදිහට, මේක select කරල පහලි තියෙන option වලින් new යටතේ අවශ්‍ය කරන size එක දීල apply කරන්න. මෙතනදි C Drive එක වගේම තවත් partition 2ක් විතර හැදෙනවත මේව System partition විදිහට Windows වලින් පාවිච්චි කරන්න තමයි හදාගන්නෙ”

    දැන් ඔයා කිවනේ තව partition හැදෙනවා කියල, ඔව් ඇත්තටම Windows 10 දන කොට 500MB වගේ තව පොඩි partition එකක් හැදෙනවා, දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ඒ හැදුන 500MB partition එක හරිනම් අපි කරන format එක කරලා ඉවර උනාට පස්සේ My Computor ගිහිල්ල බලන් කොට එක පෙන්නන්නේ නැ.පස්සේ එතනා පෙන්නන්නේ අපි Windows Install කරපු partitons ටිකයි , තව වෙන Normal Partition තියෙනවනම් ඒවා ටිකයි විතරයි…
    ඇත්තටම එහෙම තමයි වෙන්නෙත්. එත් මම ඊයේ PC එකකට windows දැම්මා,Format eka ඉවර උනායින් පස්සේ මටත් අර 500MB Partition එක පෙන්නුවේ නැ… ඊට පස්සේ මම ඒ PC එකට වෙන පොඩි පොඩි soft wares ටිකක් දැම්ම office 2016 එකත් දැම්ම.
    පස්සේ wiondows එක 2018 windows 10 update එක වෙනකම් update කරා. ඔන්න ඊට ටිඅක් වෙලාවකට පස්සේ අර 500MB Partition එක My Computor එකේ Hard Drives අස්සේ පෙන්නනවා…. දැන් මට මාර seen එක.
    මම
    Desktop > My computer > Right Click > Manage > Disk Management වලට ගිහිල්ල බැලුව එක Hide කරන්න පුලුවන්ද කියලත්, එත් ඒක Hide කරන්න දෙන්නෙත් නැ…දැන් මට අපහු මේක Format කරන්නත් බැ…. මොකද දැන් windows එක ලෙසටම update වෙලා තියෙන්නේ.
    දැන් ඔයා මට කියන්න,
    මම කොහොමද අර unwanted partition එක Hide කරගන්නේ කියලා????

    • Priya-PCguide, May 21, 2018 @ 8:29 pm Reply

      මේක ලොකු ප්‍රශනයක් නෙමෙයි. හැබැයි මේ විදිහට System Partition එකක් පෙන්නන්න විදිහක් නැහැ. අපේ කතාබහට ඔයාගෙ Screen shot එකක් එක්ක Post කරන්න. අපි බලමු කොහොමද මේක විසදගන්නෙ කියල

  • Shiran Dabare, June 22, 2018 @ 7:16 pm Reply

    I want a Sinhala font word package. Please inform me where to find a Sinhala font DVD or USB. I want to know whether there is a word processing package except MICROSOFT WORD package? The MS WORD runs on on-line but I want an off-line word processing package. Given below is my email address.

  • Shiran Dabare, June 22, 2018 @ 7:33 pm Reply

    I find it not easy to use the new WINDOWS 10/ edge systems because it has been built by the MICROSOFT company to update at various levels through Internet. Therefore, users of MS software are in trouble these days. Even the MS Operating System (WINDOWS) does something unusual from time to time. That is how the OS has been built by the MS. The software programs embedded in the MS WINDOWS is time dependant. Probably it may be to get unique registrations for money yearly. I already informed the MICROSOFT company about their WINDOWS 10/edge unusual behaviour. We cant wait till they solve the off-line problem. Users expect PLUG AND PLAY systems. Systems giving BIG HEADACHES will be accepted by the entire word. So System software (Operating Systems) except MS will soon get opportunity to enter the market and Computer Users are impatiently waiting for Software except MS. Specially word processing, Spread Sheets (Accounting package), which do not run on MS operating systems but on DOS prompt with new OS will be embraced by computer users, if such a product comes to the software market. I informed about that too to the MICROSOFT company.

    • Pcguide, June 25, 2018 @ 10:59 pm Reply

      Well, the Windows 10 Always connected, updates cycle is causing more headaches to users, specially on limited Internet usage policies. We got to know that most companies having 5 – 10 computers running windows 10 use the monthly 60GB quota within a week for updates. This has to stop or must be given more control to the end user. for Office suite you can easily find alternatives like Libre office which can also open Microsoft file formats.

  • Shiran Dabare, June 22, 2018 @ 7:38 pm Reply

    In the above COMMENT, a correction has to be made as follows.
    “Systems giving BIG HEADACHES will NOT be accepted by the entire world.” SORRY FOR THE INCOVENIENCE CAUSED IN THAT REGARD!

  • A K S Thrilakshan, April 20, 2020 @ 10:21 am Reply

    Basic Partition / Dynamic Partition / MBR / GPT මේවා මොනවද? මේවාගේ වෙනස්කම් මොනවද?

  • sandun, October 25, 2020 @ 6:59 pm Reply

    aiye windows install wunata passe cd eka ganne koi welawatada

  • Lakindu, January 7, 2021 @ 5:48 pm Reply

    Lisen key එකක් ගත්තහම ඒක එන්නේ email එකකින් නේද එතකොට එක වෙන email එකකට අවට ප්‍රශ්නයක් නැද්ද

  • Nadila, August 19, 2021 @ 11:04 pm Reply

    ayye mage lap eke thiyena data tika dellek nowenna windows gahanawanm windows upgrade ekada karanna oni

Leave a Reply to Pcguide Cancel reply

Your email address will not be published. Required fields are marked *