Contact Information

WhatsApp Us

MSI Laptop තෝරගන්න හැටි

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

MSI Laptop එකක් ගන්න යනවනම්, ඒ ගැන විස්තර හොයල බැලුවනම් ඔයාට දැනගන්න ලැබෙන දෙයක් තමයි එකම වගේ Specifications තියෙන laptop / Notebook විවිධ Category යටතේ විශාල පරාසයක MSI brand එකෙන් ගන්න පුලුවන් කියන එක. MSI Laptop Range එක වෙනස් වෙන්නෙ මොන වගේ Features ද කියන එක මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනව.

Naming scheme

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

MSI Laptop එකකදි මුලින්ම තියෙන ඉංග්‍රීසි අකුරු දෙකෙන් පළවෙනි අකුර වෙන්වෙන්නෙ Laptop එක ප්‍රධානවම අයත්වෙන Category එක සදහායි.

LetterCategory
GGaming
WWorkstation
CClassic
PPrestige

දෙවෙනි අකුර වෙන්වෙන්නෙ laptop / Notebook එකේ නමටයි.

LetterDescription
SStealth
TTitan/Dominator
EApache
PLeopard
VRsupport virtual-reality

දැන් බලමු ඉලක්කම් වලින් කියන දෙය.

ඉලක්කම් දෙකෙන් පළමු ඉලක්කම වෙන් වෙන්නෙ Display size එකට.

Number Screen size
818.4-inch
717.3 inch
615.6 inch
A514 inch

දෙවෙනි ඉලක්කම සදහන් කරන්නෙ අදාල model එකේ generation එකයි. (ඒ model එක ඒ Series එකේ කීවෙනි laptop / notebook එකද කියන එකයි)

ඒ වගේම සමහර MSI laptop / notebook වල අන්තිමට Pro කියල සදහන් උනොත් ඒකෙන් කියන්නෙ අදාල laptop / notebook එක VR-Ready කියන එකයි. මේ pro model වල අඩුම VGA එක වෙන්නෙ GTX 1060 එකක්. Pro නැති ඒ Specificationsම තියෙන laptop වල GTX 1050 ti එකක් වගේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ.

එහෙනම් MSI GT83VR කියන්නෙ – Virtual Reality Ready, 18.4 inch screen එකක් තියෙන Gaming Category එකේ තුන්වන පරම්පරාවේ Titan / Dominator Laptop / notebook එකක්.

දැන් අපි බලන්නෙ මේ එක එක Category එක හදල තියෙන්නෙ මොන වගේ ලක්ෂණ එක්කද සහ ඒව ගැලපෙන්නෙ කාටද කියන එකයි.

GT Series: Titan/Dominators: The Most Powerful (and Expensive)

gaming Laptop එකක තිබිය යුතු හැම ගුණාංගයක්ම, ඒ කියන්නෙ Display, graphics CPU RAM, SSD, Audio Performacne RGB lighting මේ වගේ හැම දෙයක්ම උපරිමයෙන් තියෙන කාටවත් නොදෙවෙනි Perforamcne එකක් තියෙන Series එක තමයි මේ. ගෙවන මුදලට හොදම තාක්ෂණික ගුනාංත වගේම ඕනම වැඩකට ඔරොත්තු දෙන විදිහට මේ laptops Design කරල තියෙනව.

intel core i7 Processor එකක්, nvidia GTX 1080 / 1070 GPU එකක්, 4K display SSD සහ HDD වගේ ගුණාංග සහ SLI යටතේ Graphic cards දෙකක් පවා එන Models තියෙනව. හැබැයි මේව laptop උනාට පහසුවෙන් තැන තැන අරන් යන්න නම් ටිකක් අමාරුයි.

GS Series: Stealths and Phantoms – Power and Portability in One

Gaming Laptop එකක් තෝරගද්දි තැනින් තැනට පහසුවෙන් අරන් යන්න පුලුවන්ද නැත්නම් හොද Performance එකක් එක්ක එක තැනක තියාගෙන පාවිච්චි කරන Laptop model එකක් ගන්නවද කියන එක ගොඩක් දෙනෙකුට තිබුන ප්‍රශ්නයක්. හැබැයි GS stealth series එකෙන් MSI සමාගම ප්‍රමාණයෙන් කුඩා ඒ වගේම සැහැල්ලු Chassi එකක් ඇතුලට හොද performance තියෙන Package එකක් pack කරල තියෙනව. මේ නිසාම දැනට market එකේ තියෙන සැහැල්ලුම gaming Notebook වලට MSI GS Stealth series  එක අයත් වෙනව.

GE Series: Apaches and Raiders – Mid-Level Price and Performance

GT series එකේ තියෙන performance සහ GS series එකේ laptop වල තියෙන පහසුවෙන් ගෙනයන්න පුලුවන් සැහැල්ලු බව අතරමැද market segment එකට හදල තියෙන මේ gaming Laptop එක අගල් 15 – 17 ප්‍රමාණවල Screens සහ Overclock කරපු Graphic cards එක්ක මිලදී ගන්න පුලුවන්. මේ කාණ්ඩයට අලුතින්ම එකතු උනේ “Raider” series එකයි.

GP/GPX Series: Leopards – For Entry-Level Enthusiasts

Gaming වලට laptop එකක් ගන්න කෙනෙකුට gaming laptop වල Basicම දේවල් ටික සහ powerful graphic card line up එකක් එක්ක මේ laptops හදල තියෙනව. 1080p Resoltuion වලින් 60 FPS Gaming වලට මිලෙන් අඩු ඒ වගේම හොද performance තියෙන package එකක් තමයි මේ.

GL Series: For Budget-Conscious Gamers

Budget Gaming Notebook / Laptop හොයන අයට හදල තියෙන මේ Laptop වල Performance සහ Graphic හැකියාවන් gaming වලට ගැලපෙන විදිහට අඩු මිලකට ලබාදෙන්න පුලුවන් විදිහට MSI සමාගම උත්සහ කරල තියෙනව. අවම වශයෙන් GTX 1050 හෝ GTX 1050 Ti Graphic card එකක් Core i5 Processor එකක් මේ line up එකේ laptop වල තියෙනව. හැම Game එකක්ම High / ultra වල Play කරන්න බැරි උනාට balance settings වලින් ඕනම Game එකක් Play කරන්න පුලුවන්කම මේ laptop / notebook වලට තියෙනව.

WT Series: Workstations – Top of the Line Workstations

gaming වලට laptop හදනව වගේම professional වැඩ වලටත් MSI සමාගම වෙනම Laptop series එකක් හදනව. gaming වලට එන intel core processor, Nvidia GTX GPu වෙනුවට intel Xeon CPU, Nvida Quadro Graphics එක්ක Autocad, Programming, Designing වලටම ගැලපෙන Pro pakcgae එකක් තමයි WT series laptop කියන්නෙ.

WS Series: For Mobile Creatives

සිහින් බරින් අඩු Chassis එකක් එක්ක එන GS line up එකේ තියෙන තැනින් තැනට පහසුවෙන් අරන් යන්න පුලුවන් Content creators ලට ගැලපෙන Work station laptop එකක් තමයි WS series laptop කියන්නෙ.

WE Series: Something for Everyone

Workstation laptop එකක් ගන්න කෙනෙකුට තියෙන Basic MSI package එක තමයි WE series එක. Brushed magnesium-lithium Chassis එකක් සහ performance වලට balance කරපු i7 CPU එකක් සහ basic Quadro Graphics මේ package එකේ අන්තර්ගත වෙනව.

P Series: Prestige – Best for Mainstream Consumers

Mid Settings වලින් Gaming කරන එක ඔයාට ගැටලුවක් නෙමෙයිනම්, Internet Email, Movies වගේම අනෙක් වැඩවලට ගොඩක් අඩු මිලකට i7 processor GT 1050 graphic එක්ක ගන්න පුලුවන් laptop තමයි P series / prestiege ගණයට අයත් වෙන්නෙ.

Campus / School / {Programming} සහ photoshop, Video Editing වලටත් ගැලපෙන Budget එකටත් සෙට් වෙන මේ laptop series එක ගොඩක් දෙනෙකුට ගැලපෙනව. RGB lighitng සහ අනෙක් විශේෂ ගුණාංග නැති උනාට වැඩ කරගන්න හොද laptop එකක් විදිහට මේ Series එක හදුන්වන්න පුලුවන්.

Prestiege series එකේ මේ unboxing එකත් බලන්න.

C Series: Classic – Best for Shoppers on a Budget

intel U series එකක් වගේම MX Series එකේ mobile Graphic chip එකක් එක්ක එන මේ laptop series එක Online වැඩ කරන අයට Video / internet email / lite gaming වලට ගැලපෙනව.

උපුටා ගැනීම – මූලාශ්‍ර

Share:

11 Comments

  • ryan, June 29, 2018 @ 8:35 pm Reply

    මේවයෙ මිල ගනන් කොහොමද

    • Pcguide, July 4, 2018 @ 7:31 pm Reply

      මිළ ගණන් වෙනස් වෙනව Features අනුව. ඉහළින්ම තියෙන models වල මිළ වැඩියි.

      • Madhushankha, July 7, 2018 @ 2:04 am Reply

        Tnx👌

  • prasad jayasekara, July 7, 2018 @ 11:59 am Reply

    Gl 63RD එකෙන් හොඳ gamming experience එකක් ගන්න පුලුවන්ද?

    • Pcguide, August 2, 2018 @ 6:21 am Reply

      හොද VGA එකක් RAM සහ CPU තියෙනවනම් ඕනම Lap එකක පුලුවන්.

  • Pubudu, August 25, 2018 @ 2:04 pm Reply

    Aiye acer nitro 5 i5 eka kohomada?mis pl62 7rc lap ekath ekka (performance walata Wada ,error adu widihata)kaalayak paawichchi karanda.

  • poorna jayavilal, October 18, 2018 @ 2:28 pm Reply

    1 .Msi hondaida samaharu kiynawa msi motherboard laptop honda natilu thermal paste danna wenawalu kalayak yaddi.
    2.asus tuf series eke laptop wala heat problems enwda eke antidust proof nisa cover karala thina nisa paya 7-8 wage eka digata premeire wage video editing use karanna barida.
    3.budget eka 2kta adui video editing walata wenama 1k kata withara pc ekak build karala ithuru 1ken lap ekk ganna ekada wada honda naththan 2k deela laptop ekakma ganna ekada honda? (laptop ekk aniwaryeyen awashyai campus ekta)
    4. Heavy task use krnna puluwn video editing walata honda paya 7-8k nonstop work karanna puluwn kalayak use karanna puluwn 2ka kata adu laptop monawada?

  • chanaka premachandra, October 19, 2018 @ 9:48 pm Reply

    Gf63 rd eka gaming walata hodaida

    • pcguidelk, November 4, 2018 @ 9:40 pm Reply

      අපේ Video එක youtube Review බලන්න

  • Chamith, June 4, 2019 @ 11:04 am Reply

    Msi gl63 battery kohomda normal hour kiyak withara tiyanoda

Leave a Reply to ryan Cancel reply

Your email address will not be published. Required fields are marked *