Press ESC to close

GTA 6 Sources Claim Narcos Inspired

මේ ගෙවුන සතිය තුල වඩාත්ම කතා බහට ලක් උන කාරනයක් තමා මේ GTA 6 Game එකත් සමග Netflix වල තිරගත උන Narcos TV Series එකේ සම්බන්ධතාවය ගැන ඉතින් දැනට පවතින ආරංචි වලට අනුව GTA 6 Story Line එකට Narcos TV Series එකේ යම් කොටස් Based වෙලා තියෙනවා කියල තමා කියන්නෙ.

තවමත් Development මට්ටමේ තිබෙන නිසා අපිට 100% Sure කරලා මෙ ගැන කියන්න අමරුයි නමුත් ලැබුන ආරංචි වල හැටියට නම් මෙහි යම්කිසි සත්යතාවයක් තිබෙනව. එ වගේම මෙහි Developments පටන් අරන් තියෙන්නෙ 2012 දි වුවත් Rockstar සමාගමේ රහස්ය බාවය කොතරම්ද කියනවා නම් මෙ වන් විටත් Game එක ගැන 100% Confirm කරල News එකක් තවමත් කාටවත් දෙන්න බැරි වෙලා තිබෙනවා. Game එකේ Final Product එක අපිට බොහොදුරට 2020-21 අතර බලාගන්න පුලුවන් වෙවි.

Get Your Site Up with A2 Hosting

Game එක ගැන දැනට පවතින News වලට අනුව මේ පාර One Main Playable Character එකකින් එන්න නියමිතයිලු උදාහරණයක් විදිහට ගත්තොත් හරියටම Narcos වල Pablo Escobar ට සමාන් චරිතයක් වෙන්න පුලුවන් නමින් Ricardo කියල තමා දැනට හදුන්වන්නේ. මොහුට තවත් අනුවර්ත නාමයක් තියෙනවා Drමg Lord විදිහට. ඉතින් නමින්ම හිතා ගන්න පුලුවන් නේ චරිතය මොනවගේ ඇතිද කියලා. තවත් යන ආරංචියක් තමා GTA 6 එක ගොඩක්දුරට GTA Vice City හීම Expanded Version එකක් වෙයි කියලා ඒ කියන්නෙ Maps Based Locations එහෙම GTA Vice City වල තිබුන Miami වලට සමානකම් කියනවාලු තවත් අලුත් Locations බලගන්න හම්බෙයි තවමත් අපිට මෙ ගැන Predict කරන්න කලින් වැඩී මට නම් හිතෙන්නෙ. අවිආයුධ බාවිතය වගේම් Action Cuts එහෙම ගොඩක් දුරට Red Dead Redemption 2 වලට සමානකම් කියනවා ඉතින් තවත් අලුත් දෙවල් ගොඩක් මේ සමග එකතු වෙලා ඇති. GTA V බාලාපොරොත්තු නොවුන ආකරයට Profit ලැබු අතර GTA VI මීටත් වඩා Profit ලබන්න පුලුවන් ආකරයට නිපදවා ඇති කියලා අපිට හිතන්න පුලුවන්. ඉතින් තවත් මේ වගේ අලුත් තොරතුරු ලැබුන ගමන් ඔයාලව දැනවත් කරන්නම්. කාලෙකින් නතර කරලා තිබුන වැඩේ ආයේ පටන් ගත්තෙ කට්ටිය මොකද හිතන්නෙ මෙ ගැන අනිවාරෙන් ඔයාලගේ අදහස් පල කරන්න Comment Section එකේ. හැමෝටම එහෙනම් ජය !!

Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

Comments (3)

Leave a Reply to Pcguide Cancel reply

Your email address will not be published. Required fields are marked *