Press ESC to close

Graphic Design වලට Computer එකක් හදමු

Graphic Designing, Photography කරන කෙනෙකුට හරියන PC එකක් හදාගන්න හැටි තමයි මේ ලිපියෙන් විස්තර කරන්නෙ. එක් එක්කෙනා විවිධ මත දැරුවත් Graphic Design – 3D – Video field එකේ අවුරුදු 10ක් විතර අත්දැකීමෙන් වගේම අනෙක් Designersලගෙ තොරතුරුත් මතයි මේ කියන දේවල් තීරනය කරල තියෙන්නෙ.

Get Your Site Up with A2 Hosting

Graphic Designing / photography වලදි වැදගත්ම දේ තමයි Monitor / screen එක. 1080p Resolution එකක් තියෙන අගල් 22 – 24 වගේ Screen එකකට යන්න පුලුවන්නම් ඒක ගොඩක් වැදගත්. මොකද Display එක මත තමයි Designer කෙනෙක්ගෙ Printing material වල පාටල තීව්රතාවය වගේ දේවල් තීරණය වෙන්නෙ.

CPU  – intel core i3 එකක් මේ සදහා ප්‍රමාණවත්. Photoshop වගේ Software වලදි ප්‍රධානවම කරන retouching වගේ දේවල් එක්ක core i5 quad core එකක් වැඩ ටිකක් වේගවත් කලාට core i3 එකක් හොදටම ප්‍රමාණවත්.

RAM එකනම් අඩුම 8GB වත් ඕන වෙනව. Photos Zoom කරගෙන වැඩ කරන්න වගේම එකපාර lightroom, photoshop open කරගෙන වැඩ කරන්නත් RAM එක වැදගත් වෙනව.

Hard Disk එක 1TB එකක් ගන්න. මොකද Designing, photo වගේ file එකපාරක් හදල delete කරන දේවල් නෙමෙයි. හදල ආයෙත් අවුරුද්දකින් ඕන වෙන දේවල් තමයි මේ files. ඉතින් එකපාර ලොකු HDD එකක් ගන්න. එතකොට PC casing එකේ තියෙන ඉඩ එක්ක තවත් Hard එකක් දාගන්න ඉඩ ඉතුරු කරගන්න පුලුවන්.

Motherboard එක නම් සාමාන්‍ය එකක් ගන්න. intel B250 chipset එක උනත් කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ.

Power supply එක අනිවාර්යෙන් Branded, warranty තියෙන එකක් ගන්න. කවදාවත් රු 3000 Casing එකයි ඒකෙම එන power supply එකයි අරන් හයි කරන්න එපා. power supply එක තමයි මුලු computer එකටම power එක පාලනය කරන කෙනා. ඒක අවුල් ගියොත් අනික් ඔක්කොම parts අවධානමක තියෙන්නෙ.

Graphics Card – ඔයා ගන්න Core i3 CPu එකේ එන built in graphics වලින් උනත් photoshop, lightroom වගේ software පාවිච්චි කරන්න පුලුවන්. දැන් එන Motherboard වල DVI / HDMI out තියෙන නිසා අලුත් monitor වලට connect කරන්න ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. හැබැයි Graphics card එකක් ගන්නවනම් Nvidia එකක් ගන්න එක හොදයි.

මොකද ගොඩක් Photoshop plugins හදල තියෙන්නෙ Nvidia Card වල features වලට support කරන්නයි. මේ තත්වය ටික ටික වෙනස් වෙලා developersල දැන් openCL වලට තමන්ගෙ plugins හැදුවත් ඔයාට ඕන වෙන plugin එකක් සමහරවිට Nvidia card එකක් ඕන වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (11)

Leave a Reply to Author of site Cancel reply

Your email address will not be published. Required fields are marked *