ඔන්න අද සුපිරිම News එකක් අරන් ආවේ අපේ Gamers ලා සෙට් එකට වගේම Cricket Fans ලටත්. මතක ඇති නේ Cricket 2007 Game එක PC Games වලට කරපු පෙරලිය. ඉතින් අදටත් විවිධාකාරයේ Mods දාගෙන සෙල්ලම් කරන Game එකක් තමා EA Games ලා හදපු Cricket 2007 කියන්නේ. ඉතින් කාලෙකට පස්සෙ මෙවර ලෝක කුසලානය මුල් කර ගෙන Cricket 19 Game එක නිකුත් වෙලා.

මේ Game එක, England and Wales Cricket Board එකත් සමග එකතු වෙලා නිර්මාණය කරන්නෙ Bigant Company එකයි. ඉතින් දැනට ලැබුන තොරතුරු වලට අනුව International Cricket වලට අයත් සියලුම Formats මෙයට ඇතුලත් කර තිබෙනවාලු. උදාහරණයක් විදිහට

  • 2019 World Cup
  • T20 World Cup Ashes

වගේ විශේෂිත වූ තරගාවලිද මෙයට ඇතුලත් කර තිබෙනවා. ඉතින් තවත් විශේෂිත කරුණක් තමා Women’s Team සහා Real Cricket Venues ද මෙයට ඇතුලත් කර තිබෙන එක. තව දුරටත් කතා කරොත් මෙහි සිටින ඇතැම් Players ලා Real Look එකටම හදලා තිබුනෙවා. මොකද මේ Game එක Develop කරපු BigAnt සමාගමට full license ලබාදීලා තිබෙනවා ක්‍රීඩකයන්ව ඒ අයුරින්ම නිපදවන්න ( ලංකාවේ Players ලා නම් තවමත් ඒ විදිහටම නැති බවක් තමා ආරංචි නමුත් අපිට වෙනම Custom කරල Faces හදා ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට Attach කරපු Pic එකෙ Lasith Malinga).

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

මේ Game එකට යොදාගෙන තියෙන වැඩිදියුණු කරපු AI engine එක හරහා අපිට Player කෙනෙක් හරියටම Analyze කරලා දෙනවා Player ගේ Weakness සහ Skill Points වගේම Batting/Bowling Skills විදිහට. මේක සෙල්ලම් කරනකොට එහි වැදගත් බව හරියටම තෙරුම් ගන්න පුලුවන්. ( මාලිංග ගේ Bowlling Action එක පවා ඒ විදිහටම තිබෙනවා) Game එක FIFA Games වල වගේ Story line එකක් එක්ක පවා අපිට හදාගන්න පුලුවන් තරමට ඉතාමත් හොදින් Develop කරල තියෙනව, මේ හරහා Game එකේ Replay ability එක වැඩි වෙලා තියෙනව.

ODI Cricket වල සහා අනෙකුත් Matches වල තිබෙන තාක්ෂණික සහා Basic Points ඔක්කොම වගේ මෙයට ඇතුලත් කර තිබෙනවා. නවීකරණය කරපු Camera Angels පවා මෙහි ඇතුලත්. ( උදාහරණයක් විදිහට Bowler View එකෙන් හෝ Batsman ට බොලයට මුහුන දෙන ආකාර්යෙන් පවා බලන්න හැකියාව ලබා දීලා තිබෙනවා ) The Ashes is the greatest contest in cricket කියන තේමාවට මෙයාලා ලොකු සාදාරනයක් ඉශ්ට කරලා තිබෙන බවක් පේනවා Game play Videos දැක්කම.

Game එක ගහන්න ඕන කරන PC එක –

 අවම සුදුසුකම්නිර්දේශිත සුදුසුකම්
OSWindows 7 64 bitWindows 10 64 bit
CPUi3 -3rd gen/AMD Athloni5 - 4th gen/AMD Phenom
GraphicsNvidia GT 710 / Radeon 6670 (2GB VRAM)Nvidia GTX 970 / Radeon R9 390X (2GB VRAM)
RAM4GB8GB
HDD25 GB25 GB
ControllerYESYES

Game එක ගහන්න Controller එකක් අනිවාර්යයි කියල තමයි Steam එකේ සදහන් වෙන්නෙ. Keyboard Mouse Support කරන්නෙ නැහැ කියල මේකෙ පැහැදිලිවම සදහන් වෙනව.

 

 

#Cricket19 #MyReview #BigAnt #GameBoy_2019

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here