Home Community

Community

You need to log in to create posts and topics.

FPS???

game ekak lag novi play karanna aduma fps keeyak onada?

 

අපෙ ඇහැට 24fps බලද්දී එක lag නොවී video එකක් වගෙ පෙන්වා, එකයි ගොඩක් film 24fps යන්නෙ.

ඊට වඩා fps වැඩි වෙද්දී එකෙ smoothness එක වැඩි වෙනවා, ගොඩක් youtube videos තියෙන්නේ 30fps. 60fps video බැලුවොත් ඊටත් වඩා smooth.

හැබැයි videos සහ gaming වෙනස්, video වල fps එකම ගාන තියෙන්නේ. Gaming වලදී frame rate එක game එකෙ අපි කරන දෙ අනුව වෙනස් වෙනවා. ඉතින් ඔයාගෙ games එක 30fps average ගියාට, game එකෙ බොම්බයක් වගෙ පිපුරුමකින් fps 15ට වගෙ අඩු උනොත් ලොකු lag එකක් පෙන්වා.

Fps ගාන වැඩි වෙද්දී clarity/sharpeness එකත් වැඩි වෙනවා. Game එකෙ බිත්තියක අකුරු වගයක් ගහලා තියෙනවා නම්, එක ළගින් දුවන්න යද්දී 60fps වලදී අකුරු කියවන්න ලෙසි 30fps වලට වඩා. 30fps වලදී lag නැති උනාට අකුරු ටික බොඳ වෙලා පෙන්නේ. තව fps වැඩි වෙන තරමට input delay එක අඩු වෙලා responsiveness එක වැඩි වෙනවා.

ඉතින් මෙ ඔකොම බලද්දී gaming වලට ගැලපෙන එක fps අගයක් දෙන්න බැ, මෙක ගහන game එක, computer එකෙ performance එක, monitor එක අනුව වෙනස් වෙනවා. හැබැයි මං fps ගන්න ටිකක් දෙන්නම් games වල ගැලපෙන්න. Minimum 30fps වත් ඔනි, recommend 60fps.

ගොඩක් 2D, 3D minigames වල 30fps ඇති

Witcher 3, GTA V, Assassins's creed වගෙ 3rd person camera games වලට 45fps වගෙ ඔනි lag ගතිය නැති වෙන්න.

COD, Battlefield, CS:GO වගෙ games වල 60fps වගෙ ඔනි එවා first person camera games නිසා.

ඔයා high refresh rate gaming monitor එකක් පාවිච්චි කරනවා නම් එකෙ refresh rate එකට අසන්න fps අගයක් ඔනි monitor එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

ඔයා 60fps 100fps ගියත් පොඩි stutters එන්න පුලුවන් හැබැයි ලොකු lag තරම් නරක නැ.

 

සාර්ථක පිළිතුරක් ලැබුනා ස්තූතියි.