UPS එක නිසා Current...
 
Notifications
Clear all

UPS එක නිසා Current එක වදින්නේ ඇයි?

0 Posts
1 Users
0 Reactions
173 Views
0
Topic starter

මම ගාව තියෙන්නේ Prolink 650VA UPS එකක් එක අරගෙන දැන් මාස 2 වගේ වෙනාවා ගෙනාපු දවස් වල ගැටළුවක් තිබුනේ නe මාසෙකට පස්සේ තමයි ප්‍රශ්නේ,

මුළු කොම්පියුටර් එකෙන්ම දැන් කරන්ට් එක වදිනවා කේසින් එක අල්ලන්න බෑ මම ඊට පස්සේ ටෙස්ටර් එකක් අරගෙන කේසින් එකට තියලා ටෙස්ට් කරලා බැලුවා ලොකු වෝල්ටේජ් එකක් එනවා,

ටෙස්ටරේ එකේ බල්බ් එක හොඳටම පත්තු වෙනවා ඊට පස්සේ මම ups එක අයින් කරලා Main Current එකට monitor එකයි, computer එකයි ප්ලග් කරලා බැලුවා ආයෙ ටෙස්ට් කරල බැලුවා කරන්ට් එක වදිනවද කියලා එහෙම ප්‍රශ්නයක් නෑ Current වදින්නේ නෑ එහෙම,

Main කරන්ට් එකට ගැහුවම කිසිම විදිහකට කරන්ට් එක වදින්නේ නෑ මං පස්සේ චෙක් කරා මගේ Erth Wire වල ගැටලුවක් තියෙනවද කියලා ඒ වගේත් කිසිම ගැටළුවක් නෑ 3 Pin ඔක්කොම තියෙනවා ,

ups එක හරහා කොම්පියුටර් එක ප්ලග් කරනකොට තමයි කරන්ට් එක වදින්නේ UPS එක නැතුව කරන්ට් එකක් වදින්නේ නෑ

මං ඊට පස්සේ යුපියස් එක හරහා CPU , Monitor වලට එන වයර් එකේ පින් තුන වෙන වෙනම චෙක් කරා ටෙස්ටර් එකෙන් එතකොට ලයිව් එකෙන් කරන්ට් එක එනවා , නියුට්‍රල් එකෙන් කරන්ට් එක එන්නෑ , හැබැයි Erth එකෙනුත් කරන්ට් එක එනවා. මොකද කරන්නේ

මේකට මම අපේ ගෙදර මෙහෙම ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා හිතාගෙන වෙන ගෙදරකට ගිහිල්ලත් මේ මැෂින් එකම සහ UPS එකම චෙක් කරා ඒ ගෙදරටත් මේ වගේම තමයි කරන්ට් එක වදිනවා.

ෆොටෝ එක බලන්නකෝ 

Share: