Contact Information

WhatsApp Us

Asus ROG STRIX RX580 8GB Unboxing

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

1080p වගේම 4K Gaming සහ VR වලටත් පාවිච්චි කරන්න පුලුවන්, දැනට Gaming වල AMD Graphic වලින් Polarix architecture එක මත නිර්මාණය කරල තියෙන Asus ROG STRIX RX 580 8GB Graphics Card එක ගැනයි මේ Review එක.

Unboxing Package එක

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Asus ROG STRIX RX 580  8GB Graphics Card  එකත් එක්ක Package එකේ අඩංගු වෙන දේවල් වෙන්නෙ

  • Asus ROG STRIX RX 580  8GB Graphics Card එක
  • Software/ Driver installation DVD එක
  • Quick setup guide එක
  • Velcro Cable ties
  • Quick Setup Guide

Features

Asusලගේ ROG STRIX RX 580  8GB Graphics Card එක AMD reference design එකෙන් එහා ගිය දැන් තියෙන Games 1080p Very High settings වලින් ගහන්න පුලුවන් ඒ වගේම 4K Gaming කරන්නත් පුලුවන් Card එකක්. මේකෙ තියෙන Specifications ගත්තොත්

8GB Video RAM එකක් කියන්නෙ දැනට තියෙන හැම game එකකටම අවශ්‍ය වෙනවටත් වඩා දෙගුණයක විතර RAM එකක්. මේ VRAM එක වැදගත් වෙන්නෙ 4K Gaming වලට ගියොත් තමයි. මේ නිසා Multitasking, Multimedia, 4K වගේ දේවල් වලට මේ Card එක recommend කරන්න පුලුවන්.

Asus ලටම විශේෂ වෙන Asus Fanconnect technology එකෙන් Casing එකේ Fans 2ක් Card එකට Connect කරල GPU එකේ උෂ්ණත්වය අනුව Control වෙන්න හදන්න පුලුවන්. මේක ලංකාව වගේ රස්නෙ රටකට ගොඩක් ගැලපෙනව මොකද Graphics card එක වගේම සම්පූර්ණ System එකම Cool එකේ තියෙන එක හොද performance output එකකට වැදගත් වෙන නිසා.

ඒ වගේම Asus Aura RGB lighting මේ Card එකේ තියෙනව. Asus Aura Sync software එකෙන් පාට මිලියන 16.8ක් වෙනකන් Control කරන්න පුලුවන්.

ඒ වගේම මේ Card එක Overclock profiles 2ක් එක්ක එනව.

Gaming – මේක තමයි සාමානයෙන් (default) තියෙන Profile එක. Multimedia, internet, Office වගේම Games ගහද්දි මේක පාවිච්චි කරන්න පුලුවන්.

OC – Gaming වලදි ලැබෙන performance මදියි නම් විතරක් මේ Mode එකට යන්න. හැබැයි දැනට තියෙන කිසිම Game එකකට මේක පාවිච්චි කරන්න ඕන වෙන්නෙ නැහැ.

තව අවුරුද්දක් දෙකක් ගිහින් මේ performance මදි උනොත් Card එක overclock කරන්නත් Asus GPU Tweak II Software එක හරහා ලේසියෙන්ම පුලුවන්.

Performance

Direct X 12 optimize කරපු polaris Architecture එකෙන් එන Asus ROG STRIX RX 580 කියන්නෙ දැන් තියෙන modern game titles ඔක්කොම Very High/Ultra settings වලින් play කරන්න පුලුවන් card එකක්. ඒ වගේම ගොඩක් Games High – Medium settings වලින් 4K resolution එකෙන් ගහන්නත් පුලුවන්.

Outputs

DVI-D port එකක්, HDMI 2.0b port 2ක්, Display port (version 1.4) 2ක් තියෙන මේ කාඩ් එකේ Display Port වලින් 4k – 120 Hz සහ HDMI ports වලින් 4k-60Hz outputs ගන්න පුලුවන්.

Power

8 Pin Power connector එකක් තියෙන කාඩ් එක ගන්න කලින් ඔයාගේ Power supply එකේ Extra 8-pin connector එකක් තියෙනවද කියල බලන්න. ඒ වගේම Overclock කරන්නත් පුලුවන් නිසා ඒ හැමදේටම හරියන්න 500w එහෙමත් නැත්නම් 550w power supply එකක් තියෙන එක හොදයි.

Experience එක සහ මිල

Asus ROG STRIX RX 580 Card එකේ අලුත්ම මිලගණන් දැනගන්න www.epsi.lk එකට යන්න.

Share:

7 Comments

  • Sankalpa, August 10, 2018 @ 7:10 pm Reply

    Eththatama aiye asus 1060 ekakata yanawata wada meka hoda da

    • Pcguide, August 18, 2018 @ 7:53 am Reply

      ow.

      • Peshan Rasanga, September 21, 2018 @ 8:02 pm Reply

        Sankalpa පා‍ෙඩ්ඩක් net එක්‍ෙ බලන්න සහා්‍ෙදරයා GTX 1070 TI card එකට වඩා RX580 යෙ Benchmark score වැඩියි. 1060 ගැන කවර කතාද?

  • YDananjaya, May 9, 2020 @ 10:41 am Reply

    Link weda ne

  • Thushan, October 6, 2020 @ 7:23 am Reply

    MSI GTX 1650 Super Gaming X OC Edition ekata wadaa RX580 hodaida?

Leave a Reply to Thushan Cancel reply

Your email address will not be published. Required fields are marked *