Contact Information

WhatsApp Us

Asus PRIME H270 PLUS Motherboard Unboxing

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Asus PRIME H270 PLUS කියන්නෙ intel H270 chipset එකත් එක්ක එන රු 20,000 – 25,000 ත් අතර price range එකේ තියෙන Video editing, 3D Rig වලට වගේම Gaming Build වලටත් පාවිච්චි කරන්න පුලුවන් board එකක්.

Unboxing Package එක

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Asus PRIME H270 PLUS motherboard package එකේ එන දේවල් වෙන්නෙ

  • Asus PRIME H270 PLUS motherboard
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • Stainless Steel I/O Plate එක

Asus PRIME H270 PLUS Motherboard එකේ unboxing video එකත් බලන්න

 

Features

Asus PRIME H270 PLUS board එකේ විශේෂම දේ තමයි intel H270 chipset එක. වැඩිපුර Communication වලට PCI lanes තියෙන නිසා SSD, වැඩිපුර Hard drives වගේ දේවල් එක්ක හොද Balanced performance එකක් මේ Board එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්. Full Black PCB design එකකින් එන මේ  asus Prime H270 Plus Board එක Show off නැතුව Serious වැඩ කරන කාටත් ගැලපෙනව.

Expansion Ports

  • LGA 1156 CPU Socket – 6th Gen / 7th gen CPU පාවිච්චි කරන්න පුලුවන්
  • DDR 4 RAM Slots 4ක් – 64GB දක්වා DDr 4 RAM පාවිච්චි කරන්න පුලුවන්.
  • PCI Express slots 2ක් – AMD / Nvidia Card පාවිච්චි කරන්න පුලුවන්. Crossfire යටතේ Card AMD card 2ක් පාවිච්චි කරන්න පුලුවන්
  • PCI X1 slots 4ක් – Sound cards, TV card සහ අනෙක් Expansion වලට
  • SATA ports 6ක් – HDD / SSD සහ අනෙක් Storage වලට
  • M2 Slot 2ක් – M2 / optane Memory වලට පාවිච්චි කරන්න

මේ දේවල් එක්ක Board එකෙන් Front panel එකට ගන්න USB 2.0 headers 4ක් සහ USB 3.1 Gen 1 headers  4ක් තියෙනව.

Board එකේ M2 Slot 1 එක පාවිච්චි කරොත් SATA port 1 එක disable වෙනව. M2 slot 2 එක පාවිච්චි කරොත් SATA port 6 එක Disable වෙනව.

Back I/O Panel එකේ අඩංගු දේවල්

  • PS/2 keyboard mouse ports – පරණ keyboard Mouse වලට
  • DVI / VGA (D-sub) / HDMI outs – onboard VGA පාවිච්චි කරනවනම්
  • LAN (RJ 45) port – Network වලට
  • USB 3.1 Gen 1 Type A ports 4
  • USB 2.0 ports 2
  • Audio – Line in / Line out / Mic

Experience එක සහ Build Quality

Asus PRIME H270 PLUS Motherboard එක  Asus 5X Protection III එකත් එක්ක එන්නෙ.

Asus Safeslot core

PCI express slot වල ශක්තිමත්භාවය වැඩි කරන්න Metal reinforcement එකක් එකතු කරල තියෙනව. මේකෙන් Graphics card එක Fix කරද්දි board එකට වගේම Ports වලට Damage වෙන්න තියෙන හැකියාව එක අඩු වෙනව.

 

 

 

Asus LAN Guard

LAN port එකට සහ Board එකට Static electricity / විදුලි කෙටීම් වගෙ දේවල් වලින් වෙන්න පුලුවන් හානිය අවම කරනව.

ඒ වගේම Asus Over voltage protetion, Asus Digi+VRM වගේ තාක්ෂණික යෙදවුම් හරහා Motherboard එක වැඩි කාලයක් පාවිච්චි කරන්න තමයි හදල තියෙන්නෙ.

Motherboard එකේ BIOS එක Mouse එකෙන් Control කරන්න පුලුවන් විදිහට තියෙන්නෙ. ඒ වගේම පහසුවෙන්ම බලන්න පුලුවන් විදිහට  Temps සහ Fan වල speeds පෙන්නනව.

 

මිල

Asus PRIME H270 PLUS Motherboard එකේ අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *